රංජන් ගිය මග සනත් නිෂාන්තත් යයි

369

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාසාත්මක වන අයුරින් සහ විනිසුරු මඩුල්ල අපකීර්තියට පත් වන අයුරෙන් ඊයේ (23) දිනයේ මාධ්‍ය හමුවේ වගකීම් විරහිතව සිදු කළ ප්‍රකාශයට විරුද්ධව නීතිඥ ප්‍රජාව ඉදිරියේ දී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පෙරමුණ ගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ විජිත කුමාර මහතා අද (24) උදෑසන පොළොන්නරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කලේය.

මෙහිදී පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා දැක්වූ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ විජිත කුමාර මහතා මෙම මාධ්‍ය හමුවේ දී මෙසේ කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ඊයේ දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවා.ඔහු විසින් සඳහන් කරනු ලැබුවා මෙරට විනිසුරුවරුන් වගකියන්න ඕනේ මේ අපරාධකාරයින් ගෙනිච්ච ගමන්ම ඇප දීලාඑලියට දානවා එයාලා කිසිම බයක් සැකක් නැතුව කටයුතු කරනවා. රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති බවටත් ඔහු වගකීමකින් තොර ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.පුරාවිද්‍යා පනතින් පොදු දේපළ පනතින් සාමාන්‍යයෙන්
රන්ජන් ගිය මග සනත් නිෂාන්ත යයි

මහාධිකරණයෙන් ඇප ලබාදිය යුතු බවත් ඒ වගේම කිසිම බයක් සැකයකින් තොරව මහෙස්ත්‍රාත් අධිකරණය කින් ඇප ලබාගෙන යන බවටත් මෙය බරපතල ප්‍රකාශයක් විශේෂයෙන්ම ඔහු විසින් සිදු කරනු ලැබූ ප්‍රකාශය අපරාධකාරයෙක් ගෙනිච්ච ගමන්ම ඇප දීලා එළියට දානවා.විනිසුරුවරුන් වගකීම් විරහිතව කටයුතු කරනවා කියන එක ඉතාම බරපතළ ප්‍රකාශයක් අපි දන්නවා මේ රටේ ක්‍රියාත්මක වන නීති පද්ධතිය තුළ නීතියේ ආධිපත්‍යය විනිසුරුවරුන් ගෞරවනීය විනිශ්චකාර මණ්ඩලය වගකීම් සහිතව කටයුතු කිරීම තුළින් තමයි මෙරට නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්නේ වගකීම් විරහිත කටයුතු කිරීම තුළ වගකීම් විරහිත ප්‍රකාශයක් කිරීම තුළ මේ රටේ නීති ආධිපත්‍යයට විශාල බලපෑමක් සිද්ධ වුණා.

advertistmentadvertistment
advertistmentadvertistment