රංජන් නැතිව සුරංගට මේ ගේම ගහන්න පුළුවන්ද?  

161

පහළොස්වැනි වතාවටත් ජනතාවගේ නළුවා වුණ රන්ජන් රාමනායක රඟන‘ද ගේම්. සුරංග ද අල්විස්ගේ අධ්‍යක්‍ෂණයක්. පසුගිය දවස්වල මේ චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක පටය එළිදැක්වූවා. දැන් සුරංග සූදානම් වෙන්නේ ‘ද ගේම්. තිරගත කරන්න. රන්ජන් ඇතුළේ ඉන්නකොට සුරංග මේ චිත‍්‍රපටය තිරගත කරන්න මෙච්චර හදිස්සි වෙන්නේ ඇයි. රන්ජන් නැතුව සුරංගට මේ ගේම ගහගන්න පුළුවන් ද? අනික හෝල්වලට ලයිට්” ඞීසල් නැතිව සුරංග ගේ ‘ද ගේ්ම්. ඇදගෙන යන්න පුළුවන් ද? හදිසියේ තිරගත කරන්න හදන ‘ද ගේම්. ගැන අධ්‍යක්‍ෂ සුරංගට ඉහත ප‍්‍රශ්නාවලිය යොමු කළා.

 සුරංග ද අල්විස්ගේ නවතම සිනමා නිර්මාණය ද ගේම් මෙහි ප‍්‍රධාන නළුවා රන්ජන්. රන්ජන් නැතිව මේ ගේම ගහන්න පුළුවන්ද?

 රන්ජන් නැතුව ගේම ගහනවා කියනකොට ම ප‍්‍රශ්නයක් තියෙනවා. හැබැයි රන්ජන් අයියා හිරේ යන්නේ ජනවාරි 12 වැනිදා. ජනවාරි 10 වැනිදා ඔහු මා එක්ක කොළඹ වටේ පොඩි රවුමක් යනවා. ඒ රවුම යන ගමන් කියනවා මල්ලී මම උඹට නිධානයක් දෙනවා. ඒ නිධානය හාරා ගනින් කියලා. මම රන්ජන්ගෙන් ඇහැව්වා මොකද්ද නිධායන කියලා. ඒ පාර නිධානත් හාරනවාද කියලා. ඊට පස්සේ කියනවා නෑ බොහෝ විට මම ඇතුළට යන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් මම ඇතුළෙ ඉන්නැද්දී මේ ෆිල්ම් එක දාපන් කියලා. මම ඒ වෙලාවේ හිතුවේ ඒක පට්ට විහිළුවක් කියලා. ඒ කතාව කියලා දවස් දෙකයි. රන්ජන් අයියා හිරේ යනවා. ඒ වචන දෙකේ ශක්තියම මට ඇති මේ චිත‍්‍රපටය එළියට දාන්න.

රංජන් නැතිව සුරංගට මේ ගේම ගහන්න පුළුවන්ද?  



 ඔබ හිතනවාද මේක සාර්ථක වෙයි කියලා?

 හැම චිත‍්‍රපටයක ම සාර්ථක අසාර්ථක බව තීරණය වන්නේ පේ‍්‍රක්‍ෂකයා මතයි. එතකොට අපේ රටේ අධ්‍යක්‍ෂවරුන්ගේ ප‍්‍රශ්නයක් තමයි සිනමාව තුළ තම තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම. කවදාවත් පේ‍්‍රක්‍ෂකාගාරය ගැන හිතුවේ නැහැ. ඕඩියන්ස්එකට ඕනෑ දෙය ද මේ කරන්නේ කියලා. දැන් ඉන්දියාවේ බහුතර අධ්‍යක්‍ෂවරු ප‍්‍රමාණයක් ඕඩියන්ස් එකට ඕනෑ දේ කරන්නේ. ඒකනේ අදටත් විජයට විජය කුමාර්ට” සූර්යාට විසිල් වදින්නේ අපේ ලංකාවේ එහෙම කාටවත් විසිල් වදින්නේ නැහැ. එතකොට මම හිතනවා මම කළෙත් මට ඕනෑ දේ. හැබැයි මොකක් හෝ දෛවයේ වාසනාවකට මේ වෙලාවේ රන්ජන් හිරේ ඉන්න හින්දා චිත‍්‍රපටය දුවයි කියලා හිතනවා. ඒ වගේ පොඩි ආර්මාර්ථකාමී අදහසක් මගේ හිතෙත් තියෙනවා.

 ඇත්තටම ‘ද ගේම්. තිරගත වෙන්නේ කවදාද?

 ඇත්තට ම මාර්තු මාසේ 25 වැනිදා තමයි තිරගත කරන්න හිතාගෙන හිටියේ. නමුත් මේ වෙනකොට රටේ විදුලි බලය විසන්ධි කිරීම සහ සිනමා ශාලාවල ඞීසල් ගන්න තියෙන ප‍්‍රශ්න නිසා පමණයි අපි චිත‍්‍රපටය මාසයක් ආපස්සට ඇද්දේ. ඒ නිසා ඒ අවස්ථාව අපට පස්සේ තිරගත වෙන්න තිබුණ හැපී බර්ත් ඬේ චිත‍්‍රපටයට ඒ අවස්ථාව ලබා දුන්නා. අපි අපේ‍්‍රල් අන්තිම නියත වශයෙන්ම එනවා.

 හෝල්වලට ලයිටුත් නෑ. ඞීසලූත් නෑ. එතකොට මේ ගේම ගහන්න පුළුවන්ද?

 ඒක තමයි මම කියන්නේ. මේ ප‍්‍රශ්නය තව තවත් උග‍්‍ර වුණොත් විදුලිය කැපෙන වෙලාව වැඩි වුණොත් ඒ වගේම ඞීසල් ප‍්‍රශ්නය ආවොත් නම් අපේ‍්‍රල් මාසයෙත් චිත‍්‍රපටය මුදාහරින්න වෙන එකක් නෑ කියලා.

රංජන් නැතිව සුරංගට මේ ගේම ගහන්න පුළුවන්ද?  



 රන්ජන්ගේ සිරගත කිරීම මාර්කට් කරලා චිත‍්‍රපටය එළියට දාන්න හදනවා කියන්නේ ඇත්ත ද?

 ඒක ප‍්‍රශ්නයක් නැහැනේ.

 රන්ජන් ඇත්තටම මේ ගැන මොනවද කියන්නේ.?

 රන්ජන් අයියාව මම නිතර බලන්න යනවා. මම ඔහුව බලන්න ගිය හැම වෙලාවකම කියන්නේ මල්ලී ෆිල්ම් එක දාපං කියලා. ඊයේ පෙරේදාත් කිව්වේ මට ආපහු පීපල්ස් අවෝර්ඞ් එක හම්බවුණා. ඒ කියන්නේ මිනිස්සු මට තවම ආදරෙයි. මේ ෆිල්ම් එක එළියට දාන්න. මේ වෙලාවේ ලංකාවේ සිංහල චිත‍්‍රපට බලන්න මිනිස්සු එන්නේ නැතිනම්” ඒ වගේම සිනමාවේ අර්බුදයක් තියෙනවා නම්” සිනමාහල් මේ ප‍්‍රශ්න නිසා අර්බුදයකට ලක්වෙලා තියෙනවා නම් ඒ සියල්ලටම උත්තේජනයක් විදිහට මේ චිත‍්‍රපට තිරගත කරලා එහි වාසිය හැම කෙනාටම සම සමව ලබා දෙන්න කියලයි ඔහු මට කිව්වේ.

 ඔය කියනවා වගේම ‘ද ගේම්. සිනමාවේ පෙරළියක් ඇති කරාවි ද?

 මගේ ජීවිතයේ ඒක ලොකු විශ්වාසයක් සහ චිත‍්‍රපටය මිනිස්සු විඳවන්නේ නැතිව බලාවි. පසුගිය කාලයේ මම කරපු සරල වින්දනාත්මක චිත‍්‍රපටවලට වඩා මේකේ පොඩි ගැඹුරු අර්ථයක් කතා කරනවා. අපි මේ චිත‍්‍රපටයට අධික මහන්සියක් වුණා. මම හිතනවා අනෙක් චිත‍්‍රපටවලට සාපේක්‍ෂව සිනමාවේ මාෆියාවට හසු නොවුණොත් සිනමාවේ කෙණෙහිලිකම් කරන මිනිස්සු කෙණහිලිකම් නොකළොත් මේ චිත‍්‍රපටය ආදායම් වාර්තා තබනවා.

 සිනමාවේ මාෆියාවට හසුවේවි කියන්නේ මේ චිත‍්‍රපටය තහනමකට ලක්වේවි කියලා සැකයක් තියෙනවාද?

 තහනම් වෙයි නෙමෙයි. දර්ශන ඉවත් කරන්න වෙයි කියලා මට පොඩි බයක් ආවා. නමුත් පසුගිය 16 වැනිදා මගේ චිත‍්‍රපටය සඳහා ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය අසීමිත ප‍්‍රදර්ශනය සඳහා මට සහතිකය ලබා දුන්නා. ඒකේ මට ඉවත් කරන්න වුණේ වර්තමාන නාඩා ආයතනය විසින් දුම්කොළ සහ මiසාර ප‍්‍රවර්ධන දර්ශන තියෙන කොටස පමණයි. ඒක තමයි එක පැත්තකින් උත්තරය.

 අනෙක් උත්තරය තමයි මේ වන විට සිංහල සිනමාපට ප‍්‍රදර්ශනය සිදුකරන්නේ සිනමා ශාලා 67ක විතරයි. මෙහෙම 67 ක් අඩුවෙලා තියෙද්දී කිිසිම පදනමක් නැති විදිහට පොඩි පොඩි සිනමා ශාලා කෑලි කෑලිවලට කල්ලි ගැහිලා මණ්ඩල තවමත් ඒකාධිකාරිය පවත්වාගෙන යනවා. ඒක අතිශය බරපතළ කාරණාවක්. මේ වගේ වෙලාවක එක චිත‍්‍රපටයකට සිනමා ශාලා හම්බවෙන්නේ 67 යි. ඉස්සර එක චිත‍්‍රපටයකට සිනමා ශාලා ගණනාවක් හම්බ වුණා. මම කියන්නේ මණ්ඩලයකට ඇයි බැරි එක චිත‍්‍රපටයක් තිරගත වෙනකොට තව චිත‍්‍රපටයක් නොදා ඉන්න. ඇයි චිත‍්‍රපටයකට දින 30ක් දෙන්න බැරි. අපි කොච්චර බැලූවත් අපේ ලංකාවේ දුවන්න පුළුවන් කියලා හිතන්න පුළුවන් චිත‍්‍රපට තියෙන්නේ විස්සක් විතරනේ. හැම කාලෙම ඔය 20 ට ඇයි මේ ෆයිට් කරන්නේ. ඉතිං ඔය මාෆියාවට මාවත් හසුවෙන්න බැරිකමක් නැහැ. එහෙම වුණොත් මට චිත‍්‍රපටය ගැන විශ්වාසයක් තියන්න බැහැ.

 ‘ද ගේම්. අවසානයේ අසාර්ථක වේවිද?

 අසාර්ථක වෙන්නේ නැහැ අසාර්ථක කරයි.

 එහෙම කරන්නේ රන්ජන් එක්ක තියෙන තරහට ද?

 නැහැ අපේ බහුතර මිනිස්සු කුහකයිනේ. කිසිම දෙයක් සුබවාදීව බලන්නේ නැහැ. මාධ්‍ය වුණත් සමහර වෙලාවට හැසිරෙන්නේ ඒ විදිහට. චිත‍්‍රපටය නොබලා විචාර කරනවා.

 දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment