රක්වාන සූරියකන්ද තුරුවියන විනාශයි

214

මීට ශත වර්ෂයකට පෙර සුදු ජාතිකයන් විසින් කලාත්මකව සහ ඉතා ශක්තිමත්ව ඉදිකරන්නට යෙදුන රක්වාන – සූරියකන්ද පැරණි මාර්ගය විනාශ කරමින් මංතීරු දෙකකින් සමන්විත අලුත් මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇත. විශාල මිනිස් ශ්‍රමයක් දරමින් ඉදිකරනු ලැබූ මෙම මාර්ගය එහි ඓතිහාසික වටිනාකම නොසලකා හරිමින් සංවර්ධනය කිරීම කාගේත් නොසතුටට කාරණයක් වී ඇත.

බි්‍රතාන්‍යයන් විසින් අපේ රට යටත්විජිතයක්ව පාලනය කරන සමයේදී ඉදි වූ රක්වාන සූරියකන්ද වංගු දහය මාර්ගය ඉංග්‍රීසි ජාතිකයන් විසින් වැවිලි කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් ඉතාමත් සුන්දරව සකසා ඇති බව එහි ගමන් ගන්නා ඕනෑම අයෙකුට දැකගත හැක. වංගු දහයකින් සමන්විත මෙම මාර්ගය කළුගලින් ඉදිකරන ලද ආරක්කු පාලම්, පැති බැමි, බෝක්කු පනහකට ආසන්න ප්‍රමාණයක් ඇති අතර එක් යකඩ පාලමකින් සමන්විත වී ඇත.

රක්වාන සූරියකන්ද තුරුවියන විනාශයි

ඒ වගේම සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ ඉදිකරන ලද මෙම මාර්ග අතරින් දැනට ඉතා ආරක්‍ෂිත මෙන්ම ශේෂව පවතින එකම මාර්ගය මෙය වන බැවින් වසර සියයකට වඩා පැරණි බව නිසාම මේ සියලු පාලම් බෝක්කු පුරාවිiා ආඥා පනතට අනුව පුරාවස්තූන් බවට පත්වන බව ද මේ සම්බන්ධයෙන් දීර්ඝ තොරතුරු සොයා ගැනීමකින් අනතුරුව පුරාවිiා සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියන් පැවසූහ. තවද මංතීරු දෙකකින් සමන්විත අලුත් මාර්ගය ඉදිකිරීමට යෑමේදී පැරණි මාර්ග කඩා ඉවත් කළහොත් විශාල පාරිසරික හානියක් මෙන්ම එම ප්‍රදේශවල ජීවත්වන ජනයාගේ ජීවිත මෙන්ම උන්හිටිතැන් පවා අහිමි වීමට ඉඩකඩ ඇති බව ද උන්වහන්සේ පැවසූහ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල, කොලොන්න, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මෙම මාර්ගය ගම්මාන ගණනාවක් මැදින් ගමන් කරයි. ස්වභාවික පරිසරයක් සමඟ බැඳී පවතින මෙම මාර්ගය ලෝක උරුම සිංහරාජ වනාන්තරයට සෘජුවම මායිම්ව පිහිටා ඇත. එම නිසා ඉතා වටිනා ගස් හාරදහසකට අධික ප්‍රමාණයක් මෙම සංවර්ධන කාරණයේදී විනාශ වෙනවා මෙන්ම ලංකාවට ආවේණික ශාක විශාල ප්‍රමාණයක් ද ඒ අතර තිබෙන්නට ඉඩකඩ පවතින බව මේ පිළිබඳ මධ්‍යම පරිසා අධිකාරිය මගින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වී ඇත. එසේම කිලෝමීටර් 18 ක පමණ දුර ප්‍රමාණයකට විහිදෙන එකම තුරුවියනක් වන් මෙම මාර්ගයේ සුන්දරත්වය විනාශ වී එහි සිසිලස සහමුලින්ම නැතිවෙනු ඇත. ලංකාවට ආවේණික පක්‍ෂීන්, සමනලුන් මෙන්ම කූඩැල්ලන් වැනි සත්ව විශේෂ වෙනිවැල්ගැට, බාත්වැල් ගැට ආදී ඖෂධීය ශාක පැළෑටි ආදියට ඉතා විශාල ලෙස බලපෑම් එල්ල විය හැක. එසේම මෙම ප්‍රදේශය වර්ෂාව අධික ජල පෝෂක ප්‍රදේශයක් වන අතර වසරේ සියලුම කාලයන් හි වැඩිපුරම වර්ෂාව ලැබෙන ප්‍රදේශයක් වීම ද විශේෂත්වයකි. ස්වභාවධර්මය පිළිබඳව තඹයකටවත් මායිම් නොකරන නිසා මෙයින් සිදුවන අහිතකර බලපෑම හේතුවෙන් මෙම මාර්ගයේ දෙපසින් ගලා බසිනා කුඩා දිය දහරාවන්ට හානිවීම ද නොවැළැක්විය හැකිය.

මංතීරු දෙකකින් සමන්විත මෙම යෝජිත මහා මාර්ගය මහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති ව්‍යාපෘතියකි.

පැරණි මාර්ගයේ එහි පවතින ජෛව විවිධත්වයෙන් අනූන පරිසර පද්ධතිය, සුන්දරත්වය මෙන්ම දේශගුණික හා පුරාවිiාත්ම වටිනාකම් විනාශවීමට නොදී සංවර්ධන කටයුතු සිදුකරන්නේ නම් අනාගතයේ සංචාරක කර්මාන්තය සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට හැකිවන බවත්, සංචාරකයන් මෙම මාර්ගයේ පවතින පෞරාණික ඉදිකිරීම් සහ ස්වභාව සෞන්දර්ය නැරඹීමට දැඩි ඇල්මක් දක්වන අතර, එම ස්ථානවලට හානියක් සිදුවුවහොත් සංචාරක ආකර්ෂණය නැති වෙනවා සේම මෙම මාර්ගයේ ඓතිහාසික වටිනාකම ද වියැකී යනු ඇති බව උඩස්ගිරියේ සමිත හිමියන් පැවසූහ.

රක්වාන සූරියකන්ද තුරුවියන විනාශයි
advertistmentadvertistment
advertistmentadvertistment