රක්‍ෂිතය විනාශ කරමින් කෙසෙල්ගමු ඔයේ මැණික් ගැරූ සිව්දෙනා අත්අඩංගුවට

65

කාසල්රි ජලාශයට ජලය සැපයෙන කෙසල්ගමුඔය රක්ෂිතය විනාශ කරමින් බගවන්තලාව ටින්සින් ප්‍රදේශයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු මස්කෙළිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (19 දා) අලුයම 1.45ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

මස්කෙළිය පොලිස් විශේෂ බළකායේ නිලධාරින්ට ලැබුණ තොරතුරක් මත කරන ලද වැටලීමකදී මෙම පිරිස මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීම සඳහා එම සැකකරුවන් සිව්දෙනා බගවන්තලාව පොලිසියට භාරදීමට පියවර ගෙන ඇත. මේ පිළිබඳව කරන ලද විමසීමකදී අදහස් දැක්වූ බගවන්තලාව පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ අනවසරයෙන් මැණික් ගරමින් සිටියදී මස්කෙළිය පොලිස් විශේෂ බළකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන භාරදුන් සැකකරුවන් සිව්දෙනා හැටන් දිසා හා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් බගවන්තලාව හා නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment