රග්බි පළඟ ශූරතාව ගුවන් හමුදාව ට

65

මූලික වටයේදී ලත් ලකුණු 06 ක පරාජයේ අවමානය දෙවන වටයේ දී අහෝසි කර ගැනීමට සමත් වෙමින් “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ රග්බි තරගාවලියේ “පළඟ” ශූරතාව ගුවන් හමුදාව දිනා ගත්තේය.

පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව තිඹිරිගස්යායේ දී සිකුරාදා (17දා) පැවති තීරණාත්මක තරගයේ දී ලත් ලකුණු 11 – 05 ක ජයග්‍රහණයත් සමගින් “පළඟ” ශූරතාවට හිමිකම් කියන්නට ගුවන් හමුදාවට හැකි වීම මෙවර කැපී පෙනුණි.

තරගය ආරම්භ කළ ප්‍රථම භාගය තුළ ලකුණු 03 – 00 ක් ලෙස පෙරමුණ ගත් ගුවන් හමුදාව දෙවන අර්ධයේ දී තවත් ලකුණු 08 ක් රැස් කර ගත්තේය.

ගුවන් හමුදාව වෙනුවෙන් කැපී පෙණුනු රාමදාස් රුමේෂ් එකම උත්සාහක දිනුම සටහන් කළ අතර දඬුවම් පහර ද්විත්වයම නිවැරදි එල්ලයට යොමු කිරීමට කෝසල නුවන් පෙරේරා සමත් විය.

පරාජිත පිල වෙනුවෙන් සටහන් වූ එකම උත්සාහක දිනුම තරගය ඇරඹී දෙවන භාගයේ දී හේෂාන් තිලකරත්න ලබා ගත්තේ ය.

මෙවර දෙවන වටයේ එකම අපරාජිත පිල බවට පත් වූ ගුවන් හමුදාව විසින් යුද හමුදාව ලකුණු 27 – 16 ක් ලෙස ද සී. එච්. පිල ලකුණු 44 – 31 ක් ලෙස ද පොලිසිය ලකුණු 11 – 05 ක් ලෙස ද පරාජය කරන්නට විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment