රග්බි ලීග් තරගාවලියේ තීරණාත්මක සතිය අද ඇරැඹෙයි

100

කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් දැන් ක්‍රියාත්මක මෙරට ප්‍රමුඛතම රග්බි ලීග් තරගාවලියේ කුසලාන අංශයේ සාමාජිකයන් 04 තීරණය කෙරෙන අවසන් සතිය අද (27දා) සිට ආරම්භ කෙරේ.

මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ අංක එක ස්ථානය අපරාජිතව ආරක්ෂා කර ගෙන සිටින මහනුවර සමාජය සහ කොළඹ ලොන්ඩන් පෙදෙසේ පිහිටි සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. සමාජය අතර තියුණු තරගකාරීත්වයක් නිර්මාණය වී තිබේ. ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 02 ස්ථානය ආරක්ෂා කර ගැනීමට සී. ආර්. ඇන්ඩ් එෆ්.සී. පිලට හැකියාව ලැබී තිබේ. එම දෙපිල මෙන්ම තෙවන ස්ථානය තහවුරු කරගෙන සිටින හැව්ලොක්ස් කණ්ඩායම මේ වන විට ‘කුසලාන’ වටයට වරම් ලබා සිටින අතර එම වටයට සුදුසුකම් ලබන 04 වන කණ්ඩායම තීරණය කිරීමට නාවික හමුදාව සහ ගුවන් හමුදාව මෙම සති අන්තයේ දී කඳවුරු බැඳ තිබීම හේතුවෙන් මෙහි උණුසුම තිව්‍ර වී තිබේ.

ගුවන් හමුදාව ලකුණු 16 ක් ද නාවික හමුදාව ලකුණු 14 ක් ද හිමිකර ගෙන පිළිවෙළින් සිව් වැනි සහ පස් වැනි ස්ථානයේ පසු වෙති.

දැනට මහනුවර සී.ආර්.ඇන්ඩ් එෆ්.සී, ගුවන් හමුදාව සහ හැව්ලොක්ස් කණ්ඩායම් ඉදිරියෙන් පසු වුවත් දෙවන වටයේ සෑම ජයක් මෙන්ම පරාජයක්ම මෙවර ජයග්‍රහයකයන් තීරණය කිරීම සඳහා බෙහෙවින් උපකාරී වනු ඇත.

තරග සැළසුම

2023.01.27 ප.ව. 04.00

ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර වැලිසර දී

2023.01.28 ප.ව.04.00

හැව්ලොක්ස් සහ මහනුවර අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී

2023.01.28 ප.ව. 04.00

පොලිසිය සහ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. අතර බම්බලපිටියේ දී

2023.01.29 ප.ව. 04.00

යුද හමුදාව සහ සී.ආර් ඇන්ඩ් එෆ්.සී අතර ලොන්ඩන් පෙදෙසේ දී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment