රග්බි ලීග් තරගාවලිය – මහනුවර සහ ගුවන් හමුදාවට ජය

99

රග්බි ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය මෙවර “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ රග්බි ලීග් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයේදී ප්‍රතිවාදී යුද හමුදා පිල පහසුවෙන් පරාජය කිරීමට සමත් විය.

ගෝල් දිනුම් 03 සහ උත්සාහක දිනුම් 05 මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගැනීමට මහනුවර ක්‍රීඩකයෝ සමත් වූ අතර එක් උත්සාහක දිනුමක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට යුද හමුදාවට හැකි විය.

යුද හමුදා කණ්ඩායමේ එකම උත්සාහක දිනුම සුධාරක දික්කුඹුර වාර්තා කළ අතර ඩිල්ෂාන් පෙරේරාගේ පාදයෙන් එක් දඬුවම් පහරක් සාර්ථක විය.

මේ අතර වාරයේ රත්මලානේ දී ක්‍රියාත්මක වූ ගුවන් හමුදාව සහ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. අතර තරගයෙන් ලකුණු 30 – 22 ක පෙරළිකාර ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රාහී ගුවන් හමුදාව ගෝල් දිනුම් 03 ක්, දඬුවම් පහර 02 ක් සහ ඩ්‍රොප් ගෝලයක් මගින් තම ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර පරාජිත සී.එච්. පිලේ ලකුණු එකතුව ගෝල් දිනුම් 02 ක් එක් උත්සාහක දිනුමක් සහ එක් දඬුවම් පහරක් මගින් සටහන් විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment