රග්බි ලෝක කුසලාන ශ්‍රී ලංකාවට

173

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වතාවට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ අවස්ථාව උදා කරමින් 2023 ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ ජයග්‍රාකයන්ට පිරිනැමීමට නියමිත කුසලානය දින 06 ක ප්‍රදර්ශනය සඳහා පෙරේදා (18 වැනිදා ) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත ගෙන ආවේය.

මෙම කුසලානය මස ලබන 23 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලාංකික ජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත.

කුසලානය පිළිගැනීම සඳහා ජාතික ක්‍රීඩා සභාවේ ලේකම් සුජානි බෝගොල්ලාගම, හිටපු මහ බැංකු අධිපති, ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු රග්බි ක්‍රීඩා නායක (1974) ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු රග්බි සභාපති, ජාතික ක්‍රීඩා සභාවේ මන්ත්‍රණ සභා සාමාජික වෛද්‍ය මයියා ගුණසේකර සහ හිටපු රග්බි සභාපති සහ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක ලසිත ගුණරත්න යන මහත්ම මහත්මීහු කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ. මෙම කුසලානය භාරව සහ එහි ආරක්ෂාව සඳහා ප්‍රංශයේ සිට විශේෂ නිලධාරිවරයෙකු ද පැමිණ සිටියේය.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment