රග්බි ශ්‍රේණිගත කිරීම්වල පෙරළියක්

218

ඉතිහාසයේ පළමු වතාවට ලෝක රග්බි යූනියන් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පැමිණීමට ප්‍රංශ රග්බි කණ්ඩායම සමත් වී තිබෙන අතර නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම පළමු වරට අංක 4 දක්වා පහත වැටී ඇත.

නවසීලන්ත ඕල් බ්ලැක්ස් කණ්ඩායම 23-12ක් ලෙස අයර්ලන්තය හමුවේ පසුගිය සතියේ පරාජයට පත් වීමත් සමග නවසීලන්තයට මෙම ඉරණම අත්වී ඇත. දකුණු අප්‍රිකානු කණ්ඩායම 13-12ක් ලෙස වේල්සය හමුවේ පරාජය වූ අතර ප්‍රංශය 20-15ක් ලෙස ජපානය පරාජය කිරීමත් නිසා ශ්‍රේණිගත කිරීම්වල ඓතිහාසික වෙනසක් සිදුකරමින් ඔවුන් අංක 1 ස්ථානයට පැමිණීමට සමත් විය.

අයර්ලන්තය මේ වන විට එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර වේල්සය පරාජය කළ දකුණු අප්‍රිකාව තෙවන ස්ථානයේ පසුවෙයි.

2022 සික්ස් නේෂන්ස් ශූරයන් බවටද ප්‍රංශය පත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment