රග්බි ශූරතාව කොළඹ ඉසිපතන විදුහලට

98

අවුරුදු 18 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් කැපී පෙනෙන්නට කොළඹ ඉසිපතන විදුහල නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී අනුශූරතාව කොළඹ රාජකීය විදුහල සතු විය. රාජකීය විදුහලෙන් එල්ල වූ අභියෝගයට පහසුවෙන් මුහුණ දුන් ඉසිපතන ක්‍රීඩකයෝ ගෝල් දිනුම් 03 ක් සමගින් ලකුණු 21 – 00 ක් ලෙස තීරණාත්මක අවසන් තරගය ජය ගැනීම ඒ අතර කැපී පෙනුණි.

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලද මෙවර තරගාවලියේ “පළඟ” ශූරතාව තහවුරු කර ගැනීමට කොළඹ ඩී. එස්. සේනානායක විදුහල සමත් වන අතර වාරයේ එකී අනුශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විදුහල සතු විය. අවසන් තරගයේ ලකුණු තත්ත්වය 19 – 17 කි.

මෙහි “බඳුණ” ශූරතාව මහනුවර කිංග්ස්වුඩ් විදුහල දිනා ගත් අතර මහනුවර ශාන්ත අන්තෝනි විදුහලට අනුශූරතාව හිමි විය.

අවසන් තරගයේ ලකුණු තත්ත්වය 12 – 07 කි.

“පළිහ” අවසාන තරගයේදී කොළඹ ආනන්ද විදුහල ලකුණු 27 – 00 කින් පරාජය කරමින් ශූරතාව තහවුරු කර ගැනීමට කොළඹ මහානාම විදුහලට හැකියාව ලැබිණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment