රග්බි සම්මේලනය ජෝර්ජියාව සමගින් අවබෝධතා ගිවිසුමක

114

ශ්‍රී ලාංකේය රග්බි පාපන්දු ක්‍රීඩාවේ යහපත් හෙට දිනක් උදාකර ගැනීම උදෙසා ජෝර්ජියාව සමඟ අවබෝධතා ගිවිසුමක් අස්සන් කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනය කටයුතු යොදා තිබේ.

ඒ අනුව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සංවර්ධනය මෙන්ම වැඩි තරග අවස්ථා උදාකර ගැනීම හා රග්බි පාපන්දු ක්‍රීඩාවේ දැනුම යාවත්කාලීන කිරීම හා වැඩිදියුණු කිරීම පිළිබඳ මෙම අවබෝධතා ගිවිසුමේ ඇති ප්‍රධානතම ඉලක්කයයි.

දේශීය ලීග් තරගාවලිය මෙන්ම පුහුණු ක්‍රියාවලිය ක්‍රමානුකූලව ගලාගිය ද එය ජාත්‍යන්තර තලයේ දක්ෂතා අතරට පිවිසෙමින් ජාත්‍යන්තර පදක්කම් දිනා

ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ජාත්‍යන්තර සම්බන්ධතා වැඩිදියුණු කර ගැනීම ආරම්භ කර ඇති අතර එහි පියවරක් ලෙස මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට ශ්‍රී ලංකා රග්බි පාපන්දු ආයතනයේ සභාපති රිස්ලි ඉල්ලියාස් මහතා කටයුතු යොදා තිබේ.

මෙරට රග්බි පාපන්දු ක්‍රීඩාවට ජාත්‍යන්තර අනුග්‍රාහකත්වය ලබා ගැනීම මෙහි ඇති තවත් වැදගත් අරමුණකි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment