රඟපෑවෙ නැතිනම් ලංකාවෙ නැහැ…. – රන්මුතු ගැන නිනෝ කියන කතාව

288

නුවර හෝටලයක වේටර් වැඩ කළා
දොලේ බොසාගෙන් ලැබෙන සපෝට් එක මරු

නිනෝ අරලිය නව පරපුරේ නැගී එන රංගන ශිල්පියෙක්, කෝලං කුට්ටම ටෙලි නාට්‍යයේ ඔහුගේ රංගනය මේ දිනවල බොහොම ජනප්‍රියයි, රන්මුතු ගැන වැඩිදුර තොරතුරු අපි නිනෝගෙන්ම අහල බලමු,

රඟපෑවෙ නැතිනම් ලංකාවෙ නැහැ.... - රන්මුතු ගැන නිනෝ කියන කතාව

මේ දවස්වල රසිකයො අලුත් නමකින් කතාකරනවලු නේද?

ඔව්” මාව දන්න අයනම් නිනෝ කියල කතාකරනව, නොදන්න අය රන්මුතූ කියල කෑගහනව,

මගතොට ප්‍රතිචාර මොන වගේද?

ඇත්තටම හැමදෙනාගෙන්ම ලොකු ආදරයක් ලැබෙනව, මම දන්නෙ නැහැ තාත්තගෙ බඩු හොරකම් කරල විකුණන කොල්ලෙකුට මෙච්චර ආදරේ කරනව කියල,

රඟපෑවෙ නැතිනම් ලංකාවෙ නැහැ.... - රන්මුතු ගැන නිනෝ කියන කතාව

කවුද මේ චරිතය ඔබට ලබා දෙන්නෙ?

මට මේ චරිතෙට කතා කරන්නෙ සද්ධා අයිය, සද්ධා මංගල සූරියබණ්ඩාර,

මේ ජනප්‍රියත්වය ඔබ අපේක්‍ෂා කළාද?

ජනප්‍රියත්වය බලාගෙන නෙමෙයි මම ඒ චරිතය කළේ, නමුත් මගේ වාසනාවකට තිර පිටපත මට ලියල එවල තියෙන්නෙ රඟපාන්නමයි, ඒක හරියට කරන්න මම ගොඩක් උත්සාහ කරනව, වරදින තැන් නම් බොහොමයි, තාම මම හිතන්නෙ නැහැ මම සාර්ථකයි කියල, කොහොම වුණත් චරිතයට සාධාරණයක් කරනව කියල මම හිතනව,

රඟපෑවෙ නැතිනම් ලංකාවෙ නැහැ.... - රන්මුතු ගැන නිනෝ කියන කතාව

නිනෝ අද ඉන්න තැනට එන්න ලොකු කට්ටක් කෑවා?

අනිවාර්යයයෙන්,,, නමුත් ආපසු හැරිල බලන්න තරම් දිගු ගමනක් මම තාම ආවෙ නැහැ, ඒ ගමන තව දුරයි,

සිනමා නිර්මාණයකටත් දායක වුණා?

ඔව්” චනික පෙරේරාගේ අධ්‍යක්‍ෂණයක් වන ‘පැම්පස්, සිනමා නිර්මාණයට දායක වෙන්න මට අවස්ථාවක් ලැබුණ, මම බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නව මේ නිර්මාණය එළියට එනකං,

ගම් පළාතෙ ගියේ නැද්ද?

පසුගිය දවසක පොඩි කාලසීමාවකට ගිහින් ආව, නමුත් 2017 වසරේ පටන් මම හිටියෙ මාතලේ මගේ ගමේ, ඒ අතරතුර තමයි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ඇවිත් ගියේ,

රඟපෑවෙ නැතිනම් ලංකාවෙ නැහැ.... - රන්මුතු ගැන නිනෝ කියන කතාව

ඔබ විදේශගත වුණා?

ඔව්” මම රැකියාවක් සඳහා විදේශගත වුණා, එයින් මාස දෙකකට පසුව නැවත ලංකාවට ඇවිත් නුවර ප්‍රසිද්ධ හෝටලයක වේටර්වරයකු ලෙස පුහුණුව ලබමින් මාස තුනක් වැඩ කළා,

ක්‍ෂේත්‍රයෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම ලොකු සහයෝගයක් ලැබෙනව, විශේෂයෙන්ම ශිවා අයිය ගැන සඳහන් කරන්නම ඕන, මේ නාට්‍යය ගැන කතාකළොත්” මම හීනෙකින්වත් හිතුවෙ නැහැ ඔහු සමග වැඩ කරන්න ලැබෙයි කියල, මේ අවස්ථාව මට අරගෙන දෙන්නෙ සත්‍යජිත් මාඉටිපේ, ඒ මීට අවුරුදු තුනකට කලින්, ඔහු තමයි ශිවා අයියට මාව සම්බන්ධ කළේ, නමුත් මොනයම් හෝ බාධක නිසා අපිට ශිවා අයියත් එක්ක වැඩකරන්න අවස්ථාව ලැබෙන්නෙ නැහැ, කොහොම වුණත් මේ ටෙලි නාට්‍යය හරහා ඒ අවස්ථාව මට ලැබෙනව, දොළේ බොසාගෙන් රන්මුතුට මාර සපෝට් එකක් ලැබෙනවා,

රන්මුතු නිසා තවත් ආරාධනා ලැබුණා?

ඔව්” ළඟදි දවසක හිරු නාලිකාවේ විකාශය වන ටෙලි නාට්‍යයකට මට ආරාධනයක් ලැබුණා,

දර්ශන තලයේ අත්දැකීම්?

ඇත්තටම අපි හැම දවසක්ම බොහොම සුන්දරව ගතකරනව, එතනට එන කෙනෙකුට මේ සුන්දරත්වය දෑසින්ම දැකගන්න පුළුවන්,

ගමේ අයගෙනුත් හොඳ සහයෝගයක් ලැබෙනව කියන්නෙ ඇත්තද?

ඔව්,,, ඔව්,,, බොහෝ දෙනෙක් අපිව බලන්න එනව, කතාබහ කරනව, ඇත්තටම ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් අපිට ලැබෙනව,

මොනවද සැලසුම්?

මෙන්න මේ දේ කියල කියන්න සැලසුමක් නැහැ, මොකද ඉදිරිය ගැන ලොකු දේවල් ඔළුවෙ තියාගෙන ගියොත් පොඩි අපහසුතාවක් දැනෙනව,

නිනෝට ආදර යෝජනාත් එනව?

අපෝ නැහැ, දකින කෙනෙකුට පේනව මට ආදරේ කරන්න සුදුසුද නුසුදුසුද කියල, කාලය ආවාම ආදරේ කරනව, එතකං නිදහසේ සංතෝසෙන් ඉන්න ඕන,

පසුගිය කාලයේ ක්‍ෂේත්‍රයේ කඩාවැටීම් සිද්ධ වුණා?

ඇත්තටම ඒ අවස්ථාවේ තනිවීමක් තමයි දැනුණේ, ඒ ගැන දැන් කතාකරන්නත් අකමැතියි,

නිනෝ අරලිය මොන වගේ චරිතයක්ද?

නිනෝ කියන්නෙ සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති චරිතයක්,

රංගනය වෘත්තිය නොවුණානම්?

රංගනය මම වෘත්තිය විදිහට තෝරා නොගත්ත නම් මම ලංකාවෙ නැතිවෙයි,

නිනෝ නිහඬ චරිතයක්ලු?

නෑ,,, නෑ,,, එහෙම කියන්නෙ මාව ආශ්‍රය කරල නැති කෙනෙක් වෙන්න ඇති, එහෙම ආශ්‍රය කළා නම් ඔහොම කියන්නෙ නැහැ, මෙහෙමයි” මම තනියෙන් ඉන්නකොට තනියම ඉන්නව, පිරිසකට එකතු වුණාම ඒ විදිහට ඉන්නව, සරලයි,

වේදිකාවට ගොඩවෙන්න අදහසක් නැද්ද?

ඇත්තටම මම ආසයි වේදිකාවට ආරාධනයක් ලැබෙනව නම්, වේදිකාවට සම්බන්ධවෙලා වැඩක් කරනව නම් ඒකට අපි කාලය වැය කරන්න ඕන, එතකොට ලස්සන දෙයක් එළියට දෙන්න පුළුවන්,

රඟපාන්න කැමති චරිත?

රන්මුතු කියන චරිතය ගත්තාම මගෙ ඔළුවෙ හිටියෙ වෙන කෙනෙක්, මම හිතුවෙ නැහැ මට මෙයාව එළියට දාන්න පුළුවන් වෙයි කියල, නමුත් මට ඒක කරන්න පුළුවන් වුණා, මේ චරිතයත් මම ගොඩක් කැමැත්තෙන් හිටපු චරිතයක්,
මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment