රඟ මඬල

170

ඇතුවත් බෑ නැතුවත් බෑ පානදුරේදී

නාට්‍යවේදී, ගයාන් මහඟලගේ රචනය සහ අධ්‍යක්‍ෂණය කළ ‘ඇතුවත් බෑ නැතුවත් බෑ’ විනෝදාත්මක වේදිකා නාට්‍ය නිර්මාණය අනිද්දා (05දා) පානදුර බාලිකා විද්‍යාලයීය රංග ශාලාවේදී සවස 3.30 ට සහ 6.30 ට වේදිකාගත කෙරේ.

නිල්මිණි කෝට්ටේගොඩ, මහින්ද පතිරගේ, අංජුලා රාජපක්‍ෂ ඇතුළු ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන් පිරිසක් ‘ඇතුවත් බෑ නැතුවත් බෑ’ වේදිකා නාට්‍ය නිර්මාණය රංගනයෙන් වර්ණවත් කරති.

හිනාවෙලා මිනිත්තුවක් බොරැල්ලේදී

රඟ මඬල

2015 වසරේ පැවැති ජාතික යෞවන සම්මාන උළෙලේ හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය ඇතුළු සම්මාන රැසක් හිමිකර ගත් අමිල සපුමල්ගේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ වේදිකා නාට්‍යය පෙබරවාරි මස 11 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී වේදිකාගත කෙරේ.

සඳුදා වැටෙන්නේ සිකුරාදාට මරදානේදී

රඟ මඬල

චාලක රණසූරියගේ නවතම නාට්‍ය නිර්මාණය දිලූපා නිරෝෂනී අල්විස්ගේ නිෂ්පාදනයෙන් සඳුදා වැටෙන්නේ සිකුරාදාට වේදිකා නාට්‍යය පෙබරවාරි 11 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ. කුසල් මධුරංග, සුලෝචනා වික්‍රමසිංහ, සරත් කොතලාවල සමඟ සිලිඳු රංගනයෙන් එක්වෙති.

සින්දුකාර කවිහමුව දර්ශනවාර දෙකක්

රඟ මඬල

විචාරක ප්‍රේක්‍ෂක ප්‍රසාදය දිනාගත් නාඩගම්, නූර්ති, ටීටර්වල අපුරු ගීත සමඟ මංගල සේනානායකගේ ‘සින්දුකාර කවි හමුව’ එළැඹෙන 17 වැනිදා රාජගිරිය විද්‍යාලයීය රංග ශාලාවේදී සහ 24 වැනිදා ගන්ඔරුව රණබිම රාජකීය විද්‍යාලයීය රංග ශාලාවේදී දර්ශනවාර දෙකක් වේදිකාගත කෙරේ. නිශ්ශංක දිද්දෙණිය, රත්නා ලාලනී ජයකොඩි, ප්‍රසන්නජිත් අබේසූරිය, රුක්මන් තිලකරත්න ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන මෙම වේදිකා නාට්‍යය කැනේඩියානු

ශ්‍රී ලාංකේය මිතුරු කැළගේ අනුග්‍රාහකත්වයෙන් ඉදිරිපත් කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment