රජයක් පිහිටුවීමට කටාර් රාජ්‍යයේ සිටි තලිබාන් නායකයෝ ඇෆ්ගනිස්ථානයට පැමිණෙති

1140

කටාර් රාජ්‍යයේ දේශපාලන රැකවරණය යටතේ සිටි තලිබාන් සංවිධානයේ නායකයන් කිහිපදෙනෙකු ඇෆ්ගනිස්ථානයේ නව රජයක් පිහිටුවීම සඳහා එරට කන්දහාර් ප‍්‍රදේශය වෙත ඊයේ (18දා) වන විට පැමිණ සිටි බව විදෙස් මාධ්‍ය පවසයි. ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය රජයක් පිහිටුවන බවට ප‍්‍රතිඥා දී ඇති තලිබාන් සංවිධානයේ කවරෙකු එම රජයේ ප‍්‍රධානියා වේදැයි මෙතෙක් අනාවරණය වී නැතත් එම සංවිධානයේ නායකයන් පස් දෙනෙකු අලූතින් පිහිටුවන රජයේ ප‍්‍රධානියා වීමට බොහෝ දුරට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

රජයක් පිහිටුවීමට කටාර් රාජ්‍යයේ සිටි තලිබාන් නායකයෝ ඇෆ්ගනිස්ථානයට පැමිණෙති

මෙසේ තලිබාන් සංවිධානය විසින් පිහිටුවීමට යන නව රජයේ ප‍්‍රධානියා වනු ඇතැයි අපේක්ෂා කරන නායකයන් පස් දෙනා වනුයේ 2016 වසරේ තලිබාන් සංවිධානයේ උත්තරීතර අණදෙන නිලධාරිවරයා බවට පත් වූ හිබටුල්ලා අකුන්ඞ්සාඩා, තලිබාන් සංවිධානය 1994 වසරේදී පිහිටුවීමට පුරෝගාමී වූ අයෙකු වන අබ්දුල් ඝානි බරාදාර්, තලිබාන් සංවිධානය පිහිටුවීමට මුල් වූ අයෙකු වන මුල්ලා මොහොමඞ් ඔමාර්ගේ පුත‍්‍රයා වන මොහොමඞ් යකුබ්, සංවිධානයේ නියෝජ්‍ය නායකයෙකු වන සිරජුඞ්ඞීන් හකානි හා තලිබාන් සංවිධානයේ සාකච්ඡා දූත කණ්ඩායමේ ප‍්‍රධානියා වන අබ්දුල් හකීම් ය. මේ අතර අලූතින් ඉස්ලාමීය රජයක් පිහිටුවීමෙන් පසු ඇෆ්ගන් කාන්තාවන්ට ඉස්ලාමීය නීති රාමුව යටතේ සිය අයිතීන් හිමි වනු ඇති බව තලිබාන් සංවිධානය විසින් නිවේදනය කර තිබේ. ඉකුත් ඉරිදා කාබුල් නගරයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී එම සංවිධානයේ ප‍්‍රකාශකයකු පවසා ඇත්තේ ඇෆ්ගන් කාන්තාවන්ට සේවය කිරීමේ අයිතිය හිමි වනු ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment