රජයට එරෙහි උද්ඝෝෂණවලට ඇමරිකාව ඩොලර් පොම්ප කරයි

805

උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම ඇතුළු රජයට එරෙහි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ වසරේ දී ඩොලර් හැත්තෑ පන්දහස් පනස් දහසක මුදලක් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලට ලබාදීමට තීරණය කර ඇත.

මේ සඳහා ලබන අප්‍රේල් මස වන තුරු ඉල්ලුම්පත් කැඳවා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් යන තේමාවන් යටතේ කටයුතු කිරීම සඳහා එම අරමුදල පිරිනැමේ.

මෙය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් දෙකෝටි හැත්තෑ තුන් ලක්‍ෂයකට අධිකය. මෙම අතිවිශාල මුදල ලබාදීමේ ඇමරිකානු රජය කොන්දේසි පනවා නැත.

එහෙත් ශ්‍රී ලංකා රජයේ නව රාජ්‍ය නොවන සංවිධාන පනත යටතේ ඩොලර් 3000කට වඩා විදෙස් රටවලින් ලබා ගන්නේ නම් රජයේ අවසරය ගත යුතු යැයි නිගමනය වී ඇත.

ආරංචි මාර්ග දක්වන අන්දමට කොළඹ රාජ්‍ය නොවන සංවිධාන 10 ක් මේ මුදල ලබාගැනීමට තරග වදින බවට වාර්තාවී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment