රජයට එරෙහි විරෝධතා රැලිය හා පා ගමන අද කොළඹදී

280

වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සහ බහුජන සංවිධාන ඒකාබද්ධව සංවිධානය කරන, රජයට එරෙහි විරෝධතා රැලිය සහ පා ගමන අද (02 දා) කොළඹදී පැවැත්වේ.

අද සවස 3.000 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් විරෝධතා පා ගමන ආරම්භ වන අතර එය අවසානයේ රැලිය පැවැත්වෙයි.

මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගීසිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු යන මැයෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතාවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන රැසක් සහාය පළ කරන බව එම සංවිධායකයෝ කියති.

එමෙන්ම සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස් ජාතික සභාව, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් සහ එහි නායකයන් ද මෙම විරෝධතාවට සහභාගි වීමට නියමිතව ඇත.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment