රජයට හදිස්සි නම් සජබ ඉදිරිපත් කර තිබෙන 21 ගේන්න – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල

132

රජය විසින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. එවැනි කෙටුම්පතක් තවමත් දැක නැති බවත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති බවත් කැබිනට් අනුමැතියක් ද ලබා නොගත් බවත් රජයට එච්චර හදිසි නම් සමගි ජනබලවේගය ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනය ගේන්න හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රජය ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරනවා. නමුත් ඒ කතා කරන ව්‍යවස්ථා සංශෝධනය තවමත් හරියට කිසි කෙනෙක් දැකලා නැහැ. ඒ වගේම පොහොට්ටුවේ සමහර අය කියනවා මේක සම්මත කරන්න කලින් ආර්ථික සංවර්ධනයක් ඇති කරන්න කියලා. කෙසේ වුණත් මේ ව්‍යවස්ථා සංශෝධනයක් තවම කිසිකෙනෙක් දැකලා නැහැ. මෙහිදී මුළු රටම අද සාකච්ඡා කරන්නේ රජය විසින් අවසන් තීරණයක් ගත්තෙ නැති ව්‍යවස්ථා සංශෝධනයක් ගැනයි. රජයට 21 ට අයිතියකුත් නැහැ. ඒක ගෙනැල්ලා තියෙන්නේ අපි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට. රංජිත් මද්දුම බණ්ඩාර මහතා එය ඉදිරිපත් කර තිබෙනවා. ඒ යෝජනාව දැන් සෑහෙන දුරක් ගිහින් ඉවරයි.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. කවුරුත් විරුද්ධ වුණේ නෑ. ගැසට් කළා. දැන් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තියෙනවා. මේ මාසයේ 15 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබෙනවා නම් රජයට කියනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. අපි ඉදිරිපත් කළ සංශෝධනය, එහි වගන්ති ගණනක් තියෙනවා. පළමු එක විධායක බලතල ඉවත් කරලා ඒ බලතල පාර්ලිමේන්තුවට සහ අගමැතිවරයාට ලබා දෙන්න. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාව ගැන, මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනයානුකූලව පියවර ගත්තොත් තමන්ගේ මන්ත්‍රීකම අහෝසි වෙනවා. අපි අධිකරණයට යන්න බැරි ආකාරයට වගන්තියක් ඉදිරිපත් කරලා තිබෙනවා.මේක සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් නෙමෙයි. එහෙන් මෙහෙන් මන්ත්‍රීවරු අරන් හදපු ආණ්ඩුවක්. අපි රජයට කියන්නේ අපි ඉදිරිපත් කරපු 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න කියලා. රජය මේ අවස්ථාවේ කරන්න ඕන සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment