රජයෙන් මිලදී ගත් වී සහල් කර අඩු ආදායම් පවුල් ලක්‍ෂ 29 කට බෙදා දෙයි

70

රජය විසින් මෙවර මහ කන්නයේදී ගොවි ජනතාව වෙතින් මිලදී ගන්නා ලද වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29ක් අතර බෙදාදීමේ වැඩසටහන අද (27දා) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒ අනුව මාසයකට එක් පවුලකට සහල් කිලෝ 10 බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබාදෙයි. නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ඉල්ලුම් කර ඇති පරිදි ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙවර මහ කන්නයේදී ගොවීන්ගෙන් රජය වී මෙටි්‍රක් ටොන් 61,300ක් මිල දී ගැනීමට කටයුතු යොදා තිබුණු අතර ඒ සඳහා පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක් වෙන් කරනු ලැබීය. වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය මගින් නොව දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සිදු කිරීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment