රජයේ ආදායම් හිගය වැඩිවෙයි

541

 මේ වසරේ (2021* මුල් මාස හතරේදී රජයේ ආදායම් හිඟය රු. කෝටි 6441කින් ඉහළ ගොස් ඇත.
 
 මේ අනුව ගිය වසරේ (2020* මුල් මාස හතරේ වාර්තා වූ රුපියල් කෝටි 34395.2ක ආදායම් හිඟය මේ වසරේ (2021* එම කාලයේදී රු. කෝටි 40836.2ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
 
 රජයේ ආදායමින් රජයේ එදිනෙදා වියදම (පුනරාවර්තන වියදම* වත් පියවාගත නොහැකි වීමෙන්් ආදායම් හිඟයක් ජනිත වන අතර එම තත්ත්වය මේ වසරේ මුල් මාස හතරේදී තවත් වර්ධනය වීම නිසා මෙසේ රජයේ ආදායම් හිඟය වර්ධනය වී ඇත.
 
 මේ කාලයේදී රජයේ මුළු ආදායම රු. කෝටි 48172.2ක් වූ අතර රජයේ පුනරාවර්තන වියදම (රජයේ එදිනෙදා වියදම* රු. කෝටි 89008.5ක් විය.
 
 එසේම මේ මුල් මාස හතරක කාලයේදී රජයේ සමස්ත අයවැය හිඟය ද ගිය වසරේ (2020* මුල් මාස හතරේද වාර්තා වූ රු. කෝටි 45217.5 සිට මේ වසරේ (2021* මුල් මාස හතරේ දී රු. කෝටි 52054.3ක් දක්වා වර්ධනය වී තිබේ.
 
 මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ මේ වසරේ (2021* වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙන් මේ තොරතුරු අනාවරණය වේ.
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment