රජයේ ඉදිකිරීම් ආයතන තුනට මිලියන 17242 ක පොල්ලක්

175

රජය සතු ප්‍රධාන ඉදිකිරීම් ආයතන තුන සඳහා රාජ්‍ය ආයතනවලින් රුපියල් මිලියන 17,242ක මුදලක් ලැබීමට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙයි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය හා රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව යන ආයතන සඳහා රාජ්‍ය ආයතනවල සිදුකරනු ලැබූ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් මෙකී මුදල ලැබීමට ඇත. රජය සතු ඉදිකිරීම් ආයතන සඳහා මෙන්ම පෞද්ගලික අංශයේ ඉදිකිරීම් ආයතන සඳහා ගෙවිය යුතු මුදල් නොගෙවීම හේතුවෙන් එම ආයතන ද දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇත.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව 2021 වර්ෂයේ දී රුපියල් මිලියන 1020ක පාඩුවක් ලබා ඇත. ලැබිය යුතු මුදල් නියමිත කාලයට නොලැබීම, ආනයන සීමාකිරීම මෙන්ම රුපියල අවප්‍රමාණය වීම හරහා යෙදවුම් පිරිවැය විශාල වශයෙන් ඉහළ යෑම නිසා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විශාල මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව ද මෙකී වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment