රජයේ ඉලක්කය රට වසා දැමීම නොව සියලු දෙනාට එන්නත් ලබාදී ඉතිරි ටික දෙවියන්ට භාරදීමයි

210

පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ඉලක්කය වී තිබෙන්නේ ඇ`දිරි නීතිය පනවා රට වසා දැමීම නොව සියලූ දෙනාට එන්නත් ලබා දී ඉතිරි ටික දෙවියන්ට භාරදීම බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

 අත්‍යවශ්‍යම තැනකදී ගන්නා අවසන් තීරණය ලෙසින් මිස ඉන් මෙහා රට වසා දැමීමට රජයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද ඇමැතිවරයා ස`දහන් කළේය. පවතින වසංගත තත්ත්වයට ඇති හො`දම සහ ආසන්න වශයෙන් සර්ව සම්පූර්ණ විස`දුම ලෙස අද මුළු ලෝකයම තෝරාගෙන ඇත්තේ එන්නත්කරණය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

 රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ අනුව ලබන සැප්තැම්බර් මාසය වන විට එන්නත් මාත‍්‍රා මිලියන 32 ක් මෙරටට ගෙන්වීමට පියවර ගන්නා අතර ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි සියලූම දෙනාට එන්නත් ලබා දීමට හැකි වන බවද ඇමැතිවරයා පැවසීය.

 එන්නත ලබාගත්තත් ඉන්පසුවත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ජනතාවගේ පරම වගකීම වන බව කී කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඇ`දිරි නීතිය සකී‍්‍රය කළහොත් එය සිදු කරන්නේ රජය නොව ජනතාව විසින් ඇති කරනු ලබන තත්ත්වය තුළින් බවද කියා සිටියේය.

 කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (10 වැනිදා* පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment