රජයේ කිසිම තනතුරක් භාරගන්නේ නෑ – රන්ජන් කියයි

297

මේ මොහොතේ තමා රජයේ කිසිදු තනතුරක් භාර  නොගන්නා බව සිරදඬුවමින් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ‘දිවයින’ ට ඊයේ (28දා) පැවැසීය. එසේ තනතුරක් භාර ගතහොත් එය ඩීල් එකක් ලෙස සිතිය හැකි බවත් ජනතාවට සේවය කිරීම සඳහා තනතුරු අවශ්‍ය නැති බවත් ඒ මහතා කීවේය.

විදේශ සේවා, කම්කරු හා වෘත්තීය පුහුණු ඇමැති මනුෂ නානායක්කාර මහතා විසින් රන්ජන් රාමනායක මහතාට ලබාදීමට යෝජනා කළ විදේශගත සේවා නියුක්තිකයන් වෙනුවෙන් වූ තානාපති තනතුර සම්බන්ධව කළ විමසීමේදී ඒ මහතා එසේ පැවැසීය. තමා තවදුරටත් විදේශගත සේවා නියුක්තිකයන් වෙනුවෙන් සේවය කරන බවත් ඉදිරියේදී චිත්‍රපට කිහිපයක රඟපෑමට නියමිත බවත් රන්ජන් රාමනායක මහතා කීවේය.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment