රජයේ තොරතුරු කඩිනමින් දෙන්න හදයි

169

රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට අදාළ ඉල්ලුම් පත්‍ර යොමු කිරීමේදී ලිපිනය සමඟ දුරකතන අංකය, වට්ස් ඇප් අංකය සහ විද්‍යුත් ලිපිනය සඳහන් කරන ලෙසට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.ඉල්ලුම් කරන ලද තොරතුරු ලබාදීමේදී ඒවා ලිපි මඟින් යැවිමේ දී ඇතිවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනිම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා හා අමාත්‍යාංශ ලේකම්වරුන් අතර අද (02) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මෙම කරුණු අනාවරණය විය.

advertistmentadvertistment
advertistmentadvertistment