රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයෙන් නිවේදනයක්

540

රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලේ හෝ වෙනත් රෝහලක සපයන වෛද්‍ය සේවාවන් සීමා කිරීමට උපදෙස් ලබා දී නොමැතිබව රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එසේම ශ්‍රීලංකා වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වෛද්‍ය නාම ලේඛනය අනුව වෛද්‍ය විපුල වික්‍රමසිංහ නමින් ලියාපදිංචි විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැති බවත් එවැනි නමින් සංගමයේ ලේකම්වරයකු නොමැති බවත් පවසයි.සියලු හදිසි ප්‍රතිකාර හා අත්‍යාවශ්‍ය ප්‍රධාන සැත්කම් හා ශල්‍යකර්ම අඛණ්ඩව සිදුකරන බවත් ප්‍රකාශ කරයි.දිවයින වෙබ් අඩවිය මගින් ඉකුත් 05වැනිදා පළවූ දත් වලටත් ඉන්ධන අර්බුදය බලපායි පුවත් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම සංගමයේ ලේකම් ලෙස විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් මහතා අප වෙත නිවේදනයක් එවමින් මේබව සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment