රජයේ නියෝජිතයන් හදන නව ව්‍යවස්ථාවක් එපා – කරු ජයසූරිය

160

දෙවැනි පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කළ අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන ව්‍යවස්ථාවක් මිස, රජය පත්කළ නියෝජිතයන් විසින් සකස් කරන ව්‍යවස්ථාවක් නොවිය යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.

ඒ මහතා ඊයේ (20 දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡුාවකදී මේ බැව් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය.

ජාතික වැදගත්කමින් යුත් කරුණු කිහිපයක් ගැන නැවත නැවතත් රජයේ බලධාරීන්ගේ අවධානය යොමු කිරීමට සිදුවී තිබෙනවා.

මේ රටේ දැන්වත් ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැ`ගීමට අවශ්‍ය නම්, අනිවාර්යෙන්ම 20 වැනි සංශෝධනය අහෝසි කිරීමත්, සියලූ පුරවැසියන්ට පිළිගත හැකි ගෞරවනීය ව්‍යවස්ථාවක් බිහි කිරීමේ අවශ්‍යතාවයත් අපි පුන පුනා සඳහන් කළා.

මේවා අපි කියන්නේ කට කහනවට නෙවෙයි. මෙහිදී අපගේ අවංක පරමාර්ථය වන්නේ නිදහස ලබා අවුරුදු 73කට පසුව හෝ නැවතත් අප රටේ ජනතාවට අහිමි වූ යුක්තිය, සාධාරණය, සමගිය හා යහ ජීවන තත්ත්වය ලබා දීමයි. එය පවතින රජයක යුතුකමයි.

පසුගිය අඟහරුවාදා ජනාධිපතිතුමන් විසින් දෙවන පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කළ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පියවර ගෙන ඇති බවට සඳහන් කළා.

මෙහිදී අපි රජයට පෙන්වා දෙන්නේ යෝජිත ව්‍යවස්ථාව ජනතාව හා පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් මිස, රජය පත්කළ නියෝජිතයන් විසින් සකස් කරන ව්‍යවස්ථාවක් නොවිය යුතු බවයි. මෙරට බහුතරයක් එම ක‍්‍රමවේදය අනුමත නොකරන බව වගකීමෙන් යුතුව සඳහන් කරනවා.

අප පසුගිය සතියේත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ රජයේ සැලසුම් ජනතාවට ඉක්මණින් දන්වන ලෙසයි. මෙහිදී රජය තවත් ප‍්‍රමාද වීම ඉතා අහිතකර බව පෙන්වා දෙමින් පෙබරවාරි 4 වැනිදාට පෙර ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස රජයෙන් නැවත ඉල්ලා සිටිනවා. අපි කතා කරන්නේ රජය ජනතාවට දුන් පොරොන්දු ගැනයි.

අප රටක් වශයෙන් වහා විසඳිය යුතු ගැටලූ රාශියක් තිබෙනවා. මෙය හුදු විවේචනයක් නොවේ. මුළු ජන ජීවිතයම විදේශ විනිමය හිඟකමින් අද අවුල් වියවුල් වී ඇති බව වටහාගත යුතුයි.

නමුත් මේ සඳහා අවශ්‍ය පියවර තවමත් රජය විසින් ගෙන නැහැ. මෙය ඉතා හානිකරයි. විදේශ විනිමය හා ඞීසල් ඉල්ලා අමාත්‍යාංශ දෙකක් කඹ අදිනවා. එය නොවෙයි වියයුත්තේ. රජයේ මූලිකත්වයෙන් ගැටලූව නිරාකරණය කළ යුතුයි. එම ගැටලූව අමාත්‍යාංශ දෙකට පවරා රජයට අත් පිසදා ගන්න බැහැ. එහිදී මුදල් අමාත්‍යවරයාට විශාල වගකීමක් තිබෙනවා.

යම් ආකාරයකින් ඉදිරි දින කිහිපයේ දී අපට මෙම උභතෝකෝටික ප‍්‍රශ්නය විසඳාගත නොහැකි වුවහොත්; රටේ ජන ජීවිතයත්, ආර්ථිකයත් නිෂ්පාදනයත් මුළුමනින්ම බිඳ වැටීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ වී තිබෙනවා. එහිදී පාර්ලිමේන්තුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි මෙන්ම ඒ මගින් සිදුකරන රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ ඉහත ඕනෑකමකින් යුතුව අවධානයකින් සිටින ස්වාධීන සිවිල් සමාජ ව්‍යාපාරයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විශේෂ ඉල්ලීමක් කරන්නට කැමතියි. එනම් පාර්ලිමේන්තුව විසිරවීමත් සමඟ අහෝසි වූ සියලූම කාරක සභා වහා ක‍්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පමණක් ප‍්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ සඳහා ඉතාමත් සුදුසු පුද්ගලයන් ද පත්කළ යුතු වෙනවා.

අප එම ඉල්ලීම කරන්නේ දේශපාලන හේතුවක් මත නොවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, (ඣඡුෑ) රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (ඣඡු්) හා මුදල් පිළිබඳ කාරක සභාව

පසුගිය වකවානුව තුළ දැඩි කැපවීමකින්, අපක්ෂපාතීව හා ආදර්ශවත් ලෙස ක‍්‍රියාකළ ආකාරය අගය කරන නිසයි. පිළිවෙලින් එහි සභාපතිවරුන් වශයෙන් ක‍්‍රියා කළ මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ හා අනුර යාපා මන්ත‍්‍රීතුමා වැනි අයගේ සේවය පාර්ලිමේන්තුවේ ඉදිරි කාලයේ දී ජනතාවට ලබාදිය යුතු බව අපගේ දැඩි මතයයි. කමිටු සාමාජිකයන් බොහෝ දෙනෙක් තුළ ද දැඩි කැපවීමක් උනන්දුවක් තිබුණා.

එක් රටක් එක් නීතියක් ගැන විශාල හඬක් නැෙ`ගන මේ දිනවල ප‍්‍රවීණ, අහිංසක, එඩිතර කලාකරුවකු වූ රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලැබෙතැයි අප හුදෙක් බලාපොරොත්තු වුණා. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් එළඹෙන නිදහස් දිනය නිමිති කරගෙන ඒ සඳහා තීරණයක් ගතහැකියි. ජනාධිපතිතුමාට ඒ සඳහා සිත් පහළ වේවායි අප ප‍්‍රාර්ථනා කරනවා.

එහෙත් අපේ රටේ තවමත් ඇත්තේ එක් නීතියක් නොව දේශපාලන හේතූන් මත ගන්නා අසාධාරණ තීරණ බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නොබියව ප‍්‍රකාශ කරනවා. දේශපාලන හේතු මත එක් එක් පුද්ගලයන්ට වෙනස් වෙනස් ආකාරයට සලකන විට අප ඒවා දකින්නේ මිනිස්කම් නැති කුහක පලිගැනීම් ලෙසටයි. කරුණාකර මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදාගන්න. අපේ ඉල්ලීම ද අපේක්ෂාව ද එයයි.

advertistmentadvertistment
advertistmentadvertistment