රජයේ නිලධාරීන්ගේ ඇඳුමට ගැසූ චක්‍රලේඛය

480

රජයේ නිලධාරීන් රාජකාරි වේලාව තුළ සිය කාර්යාල පරිශ්‍රයට පැමිණීමේදී සැරසී පැමිණිය යුතු ඇදුම් පැළදුම් පිළිබදව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී. කේ මායාදුන්නේ මහතා විසින් අද චක්‍ර ලේඛයක් නිකුත් කර ඇත.අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තුමේන්තු ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය යවා තිබේ.ඒ අනුව පිරිමි නිලධාරීන් කලිසම සහ කමිසය හෝ ජාතික ඇදුමින් ද කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන සුදුසු සංවරශීලී ඇදුමකින් සැරසිය යුතු බව සදහන් කර ඇත.මෙම චක්‍රලේඛය අනුව කාර්යාල පරිශ්‍රයන් තුළට පැමිණීමේදී සාරිය හෝ ඔසරිය පමණක් භාවිතා කරන ලෙසට ඇතැම් නිලධාරිනියන්ට ආයතන ප්‍රධානීන් විසින් නියම කිරීම මින් පසු කළ නොහැක. සේවයේ ගෞරවය රැකෙන පරිදි සුදුසු කාර්යාලීය ඇදුමකින් සැරසී සිටීමට ඉඩ දිය යුතුය.තවද එය ක්ෂේත්‍ර රාජකාරී සඳහා ද අදාල විය යුතුය. පාර්ලිමේන්තුව, අධිකරණය, ජාතික හෝ ජාත්‍යන්තර උත්සව හෝ සම්මන්ත්‍රණ ආදී විශේෂ අවස්ථා සදහා සහභාගී වීමේදී ජාතික ඇදුම හෝ නියම කර ඇති ඇදුමින් සැරසී ඒ සදහා සහභාගී විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment