රජයේ නිලධාරීන්ට අධිකරණය සමග සෘජුව ගනුදෙනු බෑ ..

222

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතුවලදී රාජ්‍ය ආයතනවල නිලධාරීන් සෘජුව අධිකරණ ක්ෂේත්‍රය සමග ලිපි ගනුදෙනු නොකළ යුතු බව ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක් නිකුත් කරමින් දැනුම් දී ඇත.අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් සඳහා එම නියමය බලපැවැත් වේ. එම නිලධාරින් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරින් සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment