රජයේ ප්‍රබල ඇමැති බලතල පෙන්වමින් හත්දෙනකුගෙන් මුදල් වංචා කළ කාන්තාවක් රිමාන්ඩ්

344

රජයේ ප්‍රබල ඇමතිවරයකුගේ මැදිහත්වීමෙන් විදේශ රැකියා ලබාදීම හා 4% වූ අඩු පොලියට ණය රැගෙන දීම” ජනප්‍රිය පාසල් වලට ළමුන් ඇතුළු කිරීම ඇතුළු විවිධ කාර්යයන් සිදු කර දෙන බවට පවසා පුද්ගලයන් හත් දෙනකුගෙන් ලක්ෂ තිහකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගම්පොළ මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියම කළේය’

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත වූයේ ගම්පොළ සිංහපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි’ රජයේ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළ මෙම ප්‍රබල ඇමැතිවරයාගේ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ අයකු සමග මෙම කාන්තාව කටයුතු කරමින් 2021 වසරේ දී මෙම මුදල් වංචාව සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත’

රටේ විවිධ ප්‍රදේශවල මෙලෙස මුදල් වංචා කිරීම් අතුරින් මේ වන විට මෙසේ පැමිණිලි ලැබී ඇති බව කරුණු වාර්තා කොට තිබුණි‘ උඩුනුවර” දවුලගල” කුරුඳුවත්ත” ගම්පොළ සහ පේරාදෙනිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි’

ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති එම්’එම්’එච්’එස්’ යාලේගම මහතා ඇතුළු පිරිසක් පරීක්ෂණ පැවැත් වූහ’

ගම්පොළ – සුරංග දිල්හාන්
 

advertistmentadvertistment
advertistmentadvertistment