රජයේ මුදල් කාරක සභාවෙන් මාව ඉවත් කළේ ආණ්ඩුවේ කුමන්ත්‍රණයකින්

89

මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කිරීමේදී ආණ්ඩුව සිය බලය අවභාවිතා කර කුමන්ත්‍රණයක් කර ඇතැයි සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (23 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.

මුදල් කාරක සභාවේ සභාපති ධුරයට පත් කරන්නේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්. ඒ අනුව එහි තේරීම් කමිටුව මගේ නම යෝජනා කළා. එලෙස යෝජනා කළ එකම විපක්‍ෂයේ මන්ත්‍රීවරයා වූයේ මා පමණයි, නමුත් ආණ්ඩු පක්‍ෂය මයන්ත දිසානායක මහතාගේ නම යෝජනා කළා. විපක්‍ෂයේ කණ්ඩායමේ හඬට ඇහුම්කන් නොදී තමන්ගේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා මයන්ත දිසානායක මහතා සභාපති ලෙස පත්කර තිබෙනවා. පත් කළ පුද්ගලයා පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. නමුත් රජය ඉන් තම බලය අවභාවිතා කිරීමක් සිදුකර තිබෙනවා. ‘මාව පැන්නුවනේ මම යන්නම්’ නමුත් රට දැනගන්න ඕනෙ මේ සිදුවෙච්ච දෙය. සල්ලි හෝ ඔෆිස් බලාගෙන නෙමෙයි අපි කටයුතු කළේ. අපිට තනතුරු අවශ්‍ය නැහැ. කැබිනට් ඇමැතිකම් ගන්න කිව්වා. අපි ගත්තෙ නැහැ. ආණ්ඩුව අපේ සහාය ඉල්ලන ගමන් අපව පන්නනවා. අපේ දායකත්වය එපා නම් කියන්න. රනිල් වික්‍රමසිංහ මහතාට අපිව එපා නම් කියන්න. රට වෙනුවෙන් අපි වැඩ කළේ. රට වළේ වැටිලා තියෙන කොට අපේ දායකත්වය එපා කියන ජනාධිපතිවරයෙක් ඉන්නෙ.

advertistmentadvertistment
advertistmentadvertistment