රජයේ රෝහල්වල බෙහෙත් ඇත්තේ සති දෙකකට විතරයි  

146

රජයේ රෝහල්වල පවතින බෙහෙත් තොග අඩු වීම හා හිඟය හේතුවෙන් දැනට එම රෝහල්වල පවතිනුයේ සති දෙකකට පමණ ප‍්‍රමාණවත් බෙහෙත් තොගයක් පමණකැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

ඉදිරි සති දෙකක කාලයේ දී පවතින ඩොලර් අර්බුදය විසඳාගෙන රජයේ රෝහල්වලට අවශ්‍ය බෙහෙත් තොග සපයා ගැනීමට ක‍්‍රියා නොකළහොත් රජයේ රෝහල්වලින් බෙහෙත් නිකුත් කිරීම නතර වීමට ඉඩ ඇති බවත් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන සියලූ බෙහෙත් වර්ග පිටතින් මිලදී ගැනීමට සිදුවීමේ අවදානමක් පවතින බවත් තිලකරත්න මහතා කීවේය.

මේ වන විට ඩොලර් හිඟය මත බෙහෙත් ආනයනය කරන සමාගම් විසින් පෞද්ගලික ඔසු සල් වෙත බෙහෙත් වර්ග සැපයීම ද සීමා කර තිබීම නිසා රජයේ රෝහල් සායන රෝගීන්ට පෞද්ගලික අංශයෙන් ද බෙහෙත් මිලදී ගැනීම අසීරු වන තත්ත්වයක් උද්ගතවනු ඇති බව හෙතෙම සඳහන් කළේය.

‘‘දැනටමත් පිළිකා, වකුගඩු රෝග, තැලසීමියා ඇතුළු රෝග ගණනාවක් සඳහා ලබා දෙන බෙහෙත් වර්ගවල හිඟයක් රජයේ රෝහල්වල පවතිනවා. දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් ඇතුළු රෝග ගණනාවක් සඳහා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ගවල තොග අඩු වීමක් දක්නට ලැබෙනවා.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment