රජයේ වැඩපිළිවෙළ බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට අනුවයි

100

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

රට වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට රජය ගනු ලබන්නේ සර්ව පාක්‍ෂික වැඩපිළිවෙළක් නොව බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට අවශ්‍ය සර්ව පාක්‍ෂික වැඩපිළිවෙළක් බවත් අර්බුදය නිසි ලෙස වටහා ගෙන එය ජය ගැනීමේ අදිටන 2023 තුළ ඇතිකර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

වීරවංශ මහතා නිකුත් කර ඇති ප්‍රකාශයේ මෙසේද සඳහන් වේ.

2023 වසර යනු මැතිවරණ සඳහා ද ඉඩකඩ නිර්මාණය වී ඇති වසරකි. එහිදී මේ අසමත් පාලකයන් දුරින් දුරු කරනවා සේම හුදු සටන් පාඨ තොරොම්බල් කරන පිරිස් ද බැහැර කරමින් ජනතා ප්‍රශ්නවලට උත්තර සෙවිය හැකි පාලනයකට ඉඩකඩ විවර කර ගැනීමේ වගකීම ද ජනතාව සතුව පවතිනවා. තවද වත්මන් පාලකයන් ගොඩනැඟෙමින් තිබෙන ආසියානු බලය කෙරෙහි විශ්වාසය තබන්නේ නම් රුසියාව සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹී ඉන්ධන, ගෑස් හා පොහොර සහන මිලට ගෙන්වා ගැනීම ද, චීනය සමඟ මිත්‍රශීලීව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ට එළැඹීම ද අපහසු නැත. නමුත් මෙම පාලකයන් තම බටහිර හාම්පුතුන්ගේ ආපදා අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයට ඉඩ සැලසීම වෙනුවෙන් සිදුනොකරන්නේ ද එයමය. අද ‘ක්වැඩ්’ නමින් හඳුන්වන ඉන්දියාව, ඇමරිකාව, ජපානය හා ඔස්ටේ්‍රලියාව යන රටවල් එක්ව දියත් කරනු ලබන ඉන්දු – පැසිෆික් න්‍යාය පත්‍රය අනුව ඉන්දු – ඇමරිකානු පොදු උවමනාව වන්නේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ අර්ධ යටත්විජිතයක් බවට පත්කිරීමය.

advertistmentadvertistment
advertistmentadvertistment