රජයේ විශ්‍රාම වයස යළි අඩු කරයි: අතුරු අයවැයට යෝජනාවක්?

1569

රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සීමාව අඩු කිරීමට රජය තීරණය කර ඇත. මෙම තීරණය අගෝස්තු මස ඉදිරිපත් කරන අතුරු අයවැයෙන් සිදු කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පැවසීය.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ අතුරු අයවැය යෝජනාවලිය තුළ රාජ්‍ය සේවයේ විශ්‍රාම යෑමේ වයස අඩු කිරීමට යෝජනා කර තිබෙන බවත් එම අඩුවන වයස අවුරුදු 55 හෝ 60 යන්න කිව නොහැකි බවත්ය.

රාජ්‍ය සේවයේ පිරිස් අවුරුදු 60න් විශ්‍රාම යෑම පසුගිය 2022 වසරේ ජනවාරි සිට 65 දක්වා දීර්ඝ කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පියවර ගෙන තිබිණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment