රජයේ සේවකයන් සේවයට කැඳවීම සීමා කළ චක්‍රලේඛය 24දා අහෝසියි

151

රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළ යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා ‘දිවයිනට’ ඊයේ (14 දා) පැවසීය.

ඉන්ධන සපයා ගැනීමේ අපහසුතාව මත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කළ බවත්, ඒ අනුව ආයතන ප්‍රධානියාගේ අවශ්‍යතාව මත සේවකයන් සතියකට දින දෙකක් හෝ තුනක් ගෙන්වීමට අවසර ලබා දුන් බවත් ලේකම්වරයා කීය.
QR ක්‍රමයට ඉන්ධන ලබාදීම නිසා මේ වනවිට ඉන්ධන සපයා ගැනීමට තිබූ අපහසුතාව යම්තාක් දුරට මඟහැරී ඇති බවත්, ඒ අනුව රාජ්‍ය සේවකයන් සතියේ දින පහේම රාජකාරියට කැඳවීමට හැකියාවක් රටේ නිර්මාණය වෙමින් පවතින බවත් ලේකම්වරයා කීය. රජයේ සේවකයන් රාජ්‍ය සේවයට කැඳවීම සීමා කරමින් නිකුත්කර තිබෙන චක්‍රලේඛය අගෝස්තු 24 වැනිදායින් අවසන් වන බවත්, එය දීර්ඝ කරනවාද නැද්ද යන්න කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළ යුතු බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment