රජයේ සේවකයන් සේවයට කැඳවීම සීමා කරයි

168

රටේ පවතින ඉන්ධන සැපයුම සීමා වීම හමුවේ පොදු ප්‍රවාහන සේවා සහ පෞද්ගලික ප්‍රවාහන සේවා දුර්වලවීම මත 20 දා සිට සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැඳවීම සීමා කර ඇත.

ඊට අදාළව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඉකුත් 17 වැනිදා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය අනුව රජයේ කාර්යාල සේවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවීමට තීරණය කර ඇති අතර තම අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරියකු තමා පදිංචි ස්ථානයට ආසන්න අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

එසේ අවම සේවක සංඛ්‍යාවක් කැඳවන අවස්ථාවේදී වුවද සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය.

රට තුළ ඉන්ධන සැපයුම සීමා සහිත වීම තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ තම පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කොටගෙන ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම ද දුෂ්කර කටයුත්තක් වීම සැලකිල්ලට ගෙන, 2022.06.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15/2022 මගින් දැනටමත් රජයේ කාර්යාල විවෘත නොකරන ලෙසට උපදෙස් ලබාදී ඇති සතියේ සිකුරාදා දිනයට අමතරව යෙදෙන සතියේ ඉතිරි වැඩ කරන දිනවල ද 2022.06.20 දින සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධරයන් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට තීරණය කර ඇත.

රජයේ කාර්යයන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ගැනීමට තීරණය කිරීම සහ තම අමාත්‍යාංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධරයකු එම නිලධරයා පදිංචි ස්ථානයට ආසන්න අමාත්‍යාංශයේ, දෙපාර්මේන්තුවේ, ආයතනයේ වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

එසේ අවම සේවක සංඛ්‍යාවක් සේවයට කැඳවන අවස්ථාවේදී වුව ද සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුය.

එලෙස සේවා මුරයක් හෝ විධිමත් ක්‍රමවේදයක් සැකසීමෙන් පසු යම් නිලධරයෙකු ඒ අනුව සේවයට වාර්තා කළ යුතු දිනයක සේවයට වාර්තා නොකළේ නම් පමණක් එම දිනය නිලධරයාගේ පෞද්ගලික නිවාඩුවලින් අඩු කිරීමට කටයුතු කළ යුතුය.

සේවා මුර ක්‍රමයට හෝ සේවයට කැඳවීමට අනුගමනය කරන විධිමත් ක්‍රමවේදයට අනුව සේවයට නොකැඳවූ දිනයක දී වුව ද සෑම රජයේ නිලධරයෙකුම මාර්ගගත :ධබකසබැ* ක්‍රමය ඔස්සේ ස්වකීය රාජකාරියට අදාළ කාර්යයන්හි යෙදීමට සූදානම්ව සිටිය යුතුය.

එක් ප්‍රදේශයක පිහිටි රජයේ කාර්යාල වෙත නිලධාරයන් සේවයට කැඳවීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කර අවශ්‍ය බස්රථ ලබා ගැනීමට එම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගත යුතුය.

සේවයට පැමිණෙන නිලධරයන්ට ද සෑම අවස්ථාවකදීම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට උපදෙස් ලබාදෙන ලෙසත් කාර්යාල අසල ස්ථිර පදිංචි හෝ තාවකාලිකව නැවතී සිටින නිලධරයන්ට ආයතනය සතු සංචිත වාහන උපයෝගී කොටගෙන මනා පිරිවැය කළමනාකරණයකින් යුතුව ප්‍රවාහන පහසුකම් සලසාදීමට ක්‍රියාකරන ලෙසත් මෙයින් දැනුම් දෙමි. අධිකරණ ක්‍ෂේත්‍රයට අයත් ආයතන වෙත නිලධරයන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ලබාදෙනු ඇත. මෙම චක්‍රලේඛයේ විධිවිධාන රාජ්‍ය ව්‍යවසායන් සඳහා අදාළ කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් විමසා එකී උපදෙස් පරිදි කටයුතු කළ යුතුය.

තවද රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට මෙයින් බාධාවක් නොවිය යුතුය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment