රජයේ සේවකයින්ටත් රට රස්සා

759


විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබාදී ඇති බවත්, කාර්යාංශයේ වෙබ් අඩවියට පිවිස තමන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට හැකි බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
රටට අවශ්‍ය විදේශ විනිමය ගෙන්වා ගැනීම සදහා වන කඩිනම් වැඩසහනක්, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ආරම්භ කර ඇති අතර ඒ අනුව රාජ්‍ය සේවකයින්ට විදේශ රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ඇමැතිවරයා කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment