රජය අද අස් නොවුණොත් රෝහල්වල හෙට සිට විරෝධතා

314
  • සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

ජනපති, අගමැති ඇතුළු සම්පූර්ණ රජයම අද (13 දා) නිල වශයෙන් ඉවත් නොවුණොත් හෙට (14 දා) සිට රට පුරා රෝහල්වල විරෝධතා ආරම්භ කරන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා “දිවයින”ට ඊයේ (12 දා) පැවසීය.

රට පුරා රෝහල්වල පවතින ඖෂධ, උපකරණ හිඟය සහ සේවකයන්ට සේවයට වාර්තා කිරීමට ඉන්ධන සපයා දීම ඇතුළු ගැටලු රැසක් මුල් කර ගනිමින් සිය සංගමය ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව මෙලෙස රට පුරා රෝහල්වල විරෝධතා දියත් කිරීමට තීරණය කළ බවද ඒ මහතා පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

ජනපතිවරයා ප්‍රමුඛ රජයට ඉවත් වන ලෙස බල කළ අරගලයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ලෙස අපත් ඉදිරියෙන්ම සිටියා. දැන් රජය සහ ජනපතිවරයා ඉවත් වන බව දන්වා තිබුණත් එය නිල වශයෙන් සිදුවිය යුතුයි. රෝහල්වල අඩුපාඩු අපි දිගින් දිගටම පෙන්වා දුන්නත් කිසිවකට විසඳුමක් දීමට රජය අපොහොසත් වුණා. ඒ නිසා උද්ඝෝෂණ, විරෝධතා සහ අරගල කිරීම හැර වෙනත් විකල්ප නැහැ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment