රජය ඉන්ධන මිල අඩු කිරීම ධනාත්මකයි – ආචාර්ය හර්ෂ ද සිල්වා (සජබ)

111

උච්චාවචනය අවම කිරීමට ස්ථායිකරණ අරමුදලක් ඇරැඹිය යුතුයි

රජය ඉන්ධන මිල ගණන් අඩු කිරීම ධනාත්මක දෙයක් ලෙස විපක්ෂයේ තමන් සලකන බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ආර්ථිකයේ නිවරැදි දිශාව නමින් විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

අද පෙට්‍රල්, ඩීසල් මිල අඩු කළා කියලා ප්‍රවෘත්තියක් පළ වෙලා. මංගල සමරවීර මැතිතුමා පෙට්‍රල් මිල සූත්‍රය ඉදිරිපත් කරනකොට බලාපොරොත්තු වුණේ වෙළෙඳ පොළේ මිල උච්චාවචනය වෙනකොට පාරිභෝගිකයාට ඒ සහනය ලැබිය යුතු අවස්ථාවේදී සහනය ලබා දෙන්නත් ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යනකොට යම්කිසි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ගෙන් ලබා ගැනීමටත් විනිවිදභාවයකින් යුතු මිල සූත්‍රයක්.

මෙහිදී අපි දකින්නේ ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ වැටෙන නිසා සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වන නිසා පාරිභෝගිකයාට මේ අවස්ථාවේදී යම් කිසි සහනයක් රජයට දෙන්න හැකියාවක් තියෙනවා.ඒ නිසා ඒ අවස්ථාව රජය විසින් පාරිභෝගිකයාට ලබා දීලා තියෙනවා මෙතන උච්චාවචනය අපි දකිනවා. මෙවර

රු 135 කින් අඩු වෙලා තියෙනවා ඔක්ටේන් 95 .රු 100 කින් සමහර ඒවා රුපියල් 80 කින් අඩු වෙලා තියෙනවා. මෙතැනදී අපි අදහස් කරන්නේ ස්ථායිකරණ අරමුදලක් පටන් ගත්ත නම් යම්කිසි විදියකට උච්චාවචනය අවම කරගන්න හැකියාවක් තියෙනවා.

වැඩිපුරම අඩු කරල තියෙන්නේ ඔක්ටේන් 95 රු135කින් එන මාසයේ මේක රු 135කින් වැඩි කරල වැඩක් නැහැ .යම්කිසි සීමාවක් තුළ රජය පාරිභෝගිකයන්ට සහනය ලබා දෙන ගමන් අරමුදලට යම්කිසි කොටසක් තියාගන්න පුළුවන්. මොකද එන මාසයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල සීග්‍රයෙන් ඉහළ ගියොත් ආපහු මේක විශාල ලෙස වැඩි කරනවා වෙනුවට ස්ථායිකරණ අරමුදලෙන් යම්කිසි ප්‍රමාණයක් රජය විසින් දායක වෙන්න පුළුවන් පාරිභෝගිකයාට සහනයක් වෙන්න. එහිදී අපි දකිනවා මේක ධනාත්මක දෙයක් විදියට. නමුත් මෙය තව දුරටත් පාරිභෝගිකයාට දෙපැත්තටම ඉහළට යන කොටත් සාධාරණයක් ඉෂ්ට වෙන්න නම් අපි ආණ්ඩුවට කියනවා ස්ථායිකරණ අරමුදල වහාම පටන් ගන්න කියලා.

දැන් ඛනිජ තෙල් සංස්ථාවට අයිති පෙට්‍රල් ෂෙඩ් විශාල ප්‍රමාණයක් අලුතෙන් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ආයතනවලට ලබා දෙන්න යනවා කියලා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ හරහා වෙළෙඳ පොළේ තරගකාරිත්වය ඉහළ දාන්න හැකියාවක් පවතිනවා. එහිදී බලාපොරොත්තු වෙන්නේ සියලු දෙනාගේ කාර්යක්ෂමතාව ඉහළ ගිහිල්ලා පාරිභෝගිකයාට යම් සහනයක් ලබා දෙන්න. ඇත්තටම ියැකක කොම්පැණිය, ංිදබැ කොම්පැණිය, ැිද කොම්පැණිය මේ රටේ ඉස්සර කාලයේ තිබුණා. ඒ කට්ටිය මෙතනින් අල්ලලා එලියට දැම්මා. ඒ එලියට දාපු කට්ටිය තමයි පස්සේ සිංගප්පූරුවේ ගිහින්

සිංගප්පූරු ආසියාවේ තෙල් පිළිබඳව කේන්ද්‍රස්ථානය බවට පරිවර්තනය කළේ. ඒක බොර තෙල් බින්දුවක් වත් නැති

සිංගප්පූරුව ිසබට්චදරු ප්ලැට්ස් කියන ප්‍රධානම තෙල් වෙළෙදාමේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙලා. තෙල් පිරිපහදු ගොඩනඟලා තෙල් ආශ්‍රිතව සහ සිංගප්පූරු වරාය ආශ්‍රිතව තෙල් කේන්ද්‍රස්ථාන ගත වූ විශාල සංවර්ධනයක් සිංගප්පූරුවේ ඇති වුණා. උදාහරණයක් හැටියට ං‘දබැ මොබිල් කියන පිරිපහදු කොම්පැණියෙ ටෙක්සස්වල තියෙන පිරිපහදුවලට වඩා ලොකු පිරිපහදු සිංගප්පූරුවේ තියෙනවා.

ණය අරගෙන ණය අරගෙන රටක් දියුණු කරන්න බැහැ එහෙම නම් ආයෝජන අවශ්‍ය වෙනවා ආයෝජන ලබාගන්න වෙළඳපොලේ අවස්ථාවක් ලබා දෙන එක පිළිබඳව අපිට ධනාත්මකව බලන්න සිද්ධ වෙනවා. අපිට මූලිකවම කාරණා දෙකක් තියෙනවා. පාරිභෝගික පැත්තෙන් මේ තරගකාරීත්වය නිසා සෙතක් වෙනවාද නැද්ද කියන එක. ඒ වගේම අනිත් පැත්තෙන් රජයේ ආයතනයක් හැටියට ඛණිජ තෙල් සංස්ථාව පිළිබඳව අවුරුදු ගාණක් තිස්සේ තිබිච්ච ලාභ පාඩු පිළිබඳ විශ්ලේෂණය කරන කොට හැම අවුරුද්දෙම වගේ විශාල පාඩු සහිතව ක්‍රියාත්මක වෙච්ච ආයතනයක් නිසා බොහෝදෙනාගේ මතයක් තිබුණා ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවිය යුතුයි කියලා. නමුත් මෙතැනදි කාරණා කිහිපයක් අපි මතක තියාගන්න ඕන එකක් තෙල් මිල ඉතාමත්ම සීග්‍රයෙන් ඉහළ ගියා. එසේ ඉහළ ගියේ ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩිවීමට වඩා තෙල් මිලෙහි තිබිච්ච සහනාධාරය ඉවත් කිරීම නිසයි. නමුත් රජය එක පැත්තකින් සහනාධාර ඉවත් කරාට අනෙක් පැත්තෙන් ඒ සහනාධාරයෙන් ලැබිය යුතු පුද්ගලයන්ට අවශ්‍ය මුදල් අතට ලබාදීම සිද්ධ කළේ නැහැ.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment