රජය සහ නීතිපති පාස්කු කොමිසමේ  සාක්‍ෂි හංගනවා

233

– මැල්කම් කාදිනල් රංජිත් – කොළඹ අගරදගුරුතුමෝ කියති

පාස්කු ප‍්‍රහාරයට අදාළ කොමිෂන් සභාවේදී දුන්නු සාක්‍ෂි මේ රජය හා නීතිපතිවරයා හංගලා තියෙනවා. ඒ සාක්‍ෂි සඟවා තැබීමට පසුගිය රජයත් කටයුතු කර තිබෙනවා..’’ යැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ  අගරදගුරුතුමෝ මාධ්‍ය හමුවේ පැවැසූහ.

මෙහිදී තවදුරටත් මාධ්‍යයට අදහස් දැක්වූ කාදිනල්තුමා මෙසේද කීය.

මේ ප‍්‍රහාරය සිදුවෙනවයි කියන එක බුද්ධි අංශවල නිලධාරීන්, පොලිසියේ උසස් නිලධාරීන් හොඳින්ම දැන ගෙන හිටියා. ඒ පිළිබ`දව සාක්‍ෂි අපි ළඟ තියෙනවා. ඒ

ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලිව ස`දහන් කරලා තියෙනවා. ඒ කොමිෂන් සභාවේ දුන්නු සාක්‍ෂි මේ රජය සහ මේ නීතිපතිතුමා හංගලා. ඒ වෙළුම් කීපය ඉල්ලා අපි ලිපි යැව්වා. ඒ පිළිබ`දව අපිව දැනුවත් කරන්නයි ඉල්ලූවා. නමුත් ඒ කිසිම ඉල්ලීමක් සලකන්නේ නැතිව ඒ සාක්‍ෂි සැඟවීමට හිටපු රජයත් දැන් ඉන්න රජයත් කටයුතු කරනවා.

මේ කොමිෂන් සභා වාර්තාවේ පදනම අනුව අපිට මේ පුද්ගලයන් ගැන සත්‍ය හෙළිදරව් කරගැනීමේ ප‍්‍රශ්නයක් මතුවී තියෙනවා. යම් යම් පුද්ගලයන් මේ පිළිබ`දව දැනගෙන ඉඳලා ඒකට කිසිම දෙයක් කළේ නැහැ කියලා කොමිෂන් සභා වාර්තාවේ ස`දහන් වෙනවා. ඔවුන්ට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කරන්නයි කියලා ඉල්ලීමක් කරලා තියෙද්දී නීතිපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වැරදි හැසිරීම නිසා යුක්තිය ඉෂ්ට නොවන තත්ත්වයකට පත්වෙලා. ඒ ගැන අපි බලවත් සේ කනගාටුවට පත්වෙනවා. ඒ නිසා මේ රජය අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ට කර නැති බව ප‍්‍රකාශ කරනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment