රජීව් ගාන්ධි ඝාතනයේ 6 දෙනකුට නිදහස

173

ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනය කිරීමට වැරදිකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී සිටි පුද්ගලයන් 06 දෙනකු නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව නලිනි ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, මුරුගන්, රොබට්, ජයකුමාර් සහ සාන්තන් යන විත්තිකරුවන් මෙලෙස නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 1991 වසරේ මැයි මස 21 වැනිදා රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වුණි. සිද්ධියට අදාළව චෝදනා එල්ල වූ විත්තිකරුවන් 7 දෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී තිබූ අතර ඉන් එක් විත්තිකරුවකු වන පෙරාරිවාලන් නමැත්තා පසුගිය මැයි මාසයේ නිදහස් කෙරිණි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment