රජීව් ඝාතකයන් නිදහස් කිරීමට කොංග්‍රස් පක්‍ෂයේ විරෝධය

101

රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කොංග්‍රස් පක්ෂය දැඩිව විවේචනය කර තිබේ.

රජීව් ගාන්ධි මියයන තෙක්ම කොංග්‍රස් පක්ෂයේ නායකයා විය.

“ඝාතකයන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව කිසිසේත්ම පිළිගත නොහැකි අතර සම්පූර්ණයෙන්ම දෝෂසහගතයි. එය කිසිසේත්ම පිළිගත නොහැකි බව කොංග්‍රස් පක්ෂය කියා සිටිනවා” යනුවෙන් එම පක්ෂයේ ප්‍රකාශක ජයරාම් රමේෂ් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබිණි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජිව් ඝාතනයේ වරදකරුවන් හය දෙනකු නිදහස් කිරීමට අදාළ නියෝගය ලබා දුන්නේ පසුගිය සිකුරාදාය. සිය නියෝගය හරහා ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ මෙම කාලය තුළ සිරකරුවන්ගේ හැසිරීම ‘සතුටුදායකව’ පැවත ඇති බවයි.

රජීව් මියයන විට 46 හැවිරිදි වියේ පසුවිය. 1991 දී මේ ඝාතනය සිදු කළේ කොටි නායක ප්‍රභාකරන්ගේ උපදෙස් මත මරාගෙන මැරෙන ප්‍රහාරයක් මගිනි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment