රජීව් ඝාතනයෙන් නිදහස ලැබූ සිව් දෙනාගෙන් ලංකාවට එන්න කැමැති එක්කෙනයි

182

රජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් වී නිදහස ලැබූ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් සිව් දෙනාගෙන් නැවත ලංකාවට ඒමට කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ශාන්තන් නමැති පුද්ගලයා පමණි.

රජීව් ගාන්ධි ඝාතයේ වරදකරුවෝ 06 දෙනෙක් ඉකුත් 11 වැනිදා නිදහස් කරනු ලැබූහ.

නිදහස ලැබූ නාලිනිගේ සැමියා ශ්‍රී හරන් (මුරුගන්) සිය පවුල සමග ටි්‍රචි හි විසීමට කැමැත්ත පළකර ඇති අතර රොබට් පයාස්තම පවුල සමග එක්වීමට නෙදර්ලන්තයේ බලා යෑමට කැමැත්තෙන් පසුවේ. ජය කුමාර් සිය බිරිඳ හා දරුවන් සමග චෙන්නායි නුවර විසීමට කැමැත්ත පළකර ඇත.

කෙසේ නමුත් මේ සිව්දෙනා ලංකාවට එවීමට තමන් සූදානම් වනබව පවසන තමිල්නාඩු බලධාරීහු මේ පුද්ගලයා ගැන තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිළිතුරු ලැබෙන තෙක් බලා සිටින බව ද පවසති.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment