රජුගේ බලතල වැඩි කිරීමට එරෙහිව ජෝර්දාන් පාර්ලිමේන්තුවේ දී මන්තී‍්‍රවරු ගහගනිති

248

ජෝර්දාන් රජුගේ බලතල වැඩි කිරීම සඳහා ඉදිරිපත් කළ සංශෝධනවලට එරෙහිව එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සජීවි පාර්ලිමේන්තු විවාදයේදී එකිනෙකා ගුටිබැට හුවමාරුවක යෙදී ඇත.

 මෙම පාර්ලිමේන්තු විවාදය සජීවි ලෙස රූපවාහිනි සේවාවල විකාශනය වී තිබේ. එය ම්විටර් අඩවියෙන් 60,000කට අධික පිරිසක් නරඹා ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුලෙයිමන් අබුසහියා සහ කථානායක කරීම් ඩුගින්ට් අතර ඇති වූ වචන හුවමාරුව දිග්ගැස්සී ඊට අනිකුත් මන්ත‍්‍රීවරුන්ද සම්බන්ධ වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment