රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී….

263

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව සිය ධුරවලින් ඉවත්විය යුතු යැයි බල කරමින් ජූලි 09 දා පැවැත්වූ විරෝධතාවය අතරතුර අරගලකරුවන් විසින් අත්පත්කරගත් කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය පිහිටි අරලියගහ මන්දිරය නැරඹීම පිණිස ඊයේ  (11 දා) රටේ නන්දෙසින් විශාල පිරිසක් පැමිණෙමින් සිටියෝය.

රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී....

ඊයේ උදෑසන 7.30 පමණ වනවිටත් එලෙස පැමිණෙන ජනතාවගෙන් එම ස්ථාන පිරී පැවතිණි. ඒ අනුව කොළඹ කොටුව පිහිටි ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය දැකබලා ගැනීම පිණිස විශාල වශයෙන් ජනතාව එක්රැස්වන ආකාරය දැකගත හැකි විය. එසේ පැමිණෙන ජනතාව ජනාධිපති මන්දිරයේ පිහිටි ශාරීරික සුවතා මධ්‍යස්ථානයේ ශාරීරික ව්‍යායාම ආදියේ නිරත වන ආකාරයත් තවත් පිරිසක් ජනාධිපති මන්දිරය පරිශ්‍රයේ විවිධ ස්ථාන නරඹමින් සිටින ආකාරයත් දැකගත හැකි වූහ.

රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී....

මේ අතර ජනාධිපති මන්දිරයේ රැය පහන් කළ ජනතාව තවදුරටත් එහි රැඳී සිටින ආකාරය ද දර්ශනය විය. මේ අතර අධික ජනකායක් ජනාධිපති මන්දිරය දැකබලා ගැනීම පිණිස පැමිණීම හේතුවෙන් අවට පවිත්‍රතාව පිළිබඳව වන ගැටලු විසඳීම පිණිස අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරයේ එළිමහන සහ ඒ අවට ශුද්ධ පවිත්‍ර කරන ආකාරය ද දකින්නට ලැබිණි.

රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී....
පැමිණි පිරිස ජනාධිපති මන්දිරය තුළ ස්ථාපිත සර් එඩ්වඩ් බාන්ස්ගේ (1829 – 1831) චිත්‍රය නරඹන ආකාරය

රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී....
මන්දිරය තුළ රැය පහන් කළ විරෝධතාකරුවන්

ඊයේ 11 දා උදෑසන ජනාධිපති මන්දිරය නැරඹීමට ජනතාව පැමිණෙමින් සිටි අයුරු.

රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී....
එළිමහන් භූමියේ උදෑසන ආහාරය ගන්නා පිරිසක්

රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී....
මමත් රජෙක්

රජු නැති රජ ගෙදර පුරවැසියන් රජවී....
ශරීර සුවතා මධ්‍යස්ථානය තුළ ශාරීරික ව්‍යායාම්වල නිරත පිරිස්

රුවන් ජයවර්ධන – ජගත් කණහැරආරච්චි සහ  සමන් රණවීර

 

advertistmentadvertistment
advertistmentadvertistment