රටකජු ආනයනය නවතී

308


මෙතෙක් ජම්බෝ පීනට්ස් සඳහා රටකජු ආනයනය කළත් මින්පසු ජම්බෝ පීනට්ස් සැකසීම සඳහා අවශ්‍ය වන කජු ප්‍රභේදයට විකල්ප ප්‍රභේදයක් ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකා ජම්බෝ නම් එම විකල්ප රටකජු ප්‍රභේදය ආනයනය කරන රටකජුවලට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ යැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. එම නිසා ශ්‍රී ලංකා ජම්බෝ රටකජු නිසා මින්පසු රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම, වනජීවි, වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
අප රටේ වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙ.ටො. 30,000කි. නමුත් මේ වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න ප්‍රමාණය මෙ.ටො.64,000ක් ඉක්මවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment