රටක ආපදාවකදී පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස ඉන්දියාව කටයුතු කරයි

265

කිසියම් රටක ඇතිවූ ආපදාවකදී පළමු ප්‍රතිචාර දක්වන්නා ලෙස ඉන්දියාව කටයුතු කර ඇතැයි ඉන්දීය විදේශ ඇමති ජයිශන්කර් මහතා පවසයි.ඒ සදහා සංවේදීව හා උපරිම හැකියාවෙන් කටයුතු කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් රජයට හැකියාව ඇති බව ද සදහන් කරයි. ශ්‍රී ලංකාවේ පවතින අර්බුධකාරී තත්ත්ව සදහා ද පළමුව ප්‍රතිචාර දැක්වූ බවද හෙතෙම පැවසීය. එසේම නේපාලයේ භූමිකම්පාව, මාලදිවයිනේ ජල අර්බුදය, මියන්මාරයේ කුණාටුව, මොසැම්බික් හි ගංවතුර හමුවේ ඉන්දියාව දැක්වූ ප්‍රතිචාර ඒ සදහා නිදසුන් ලෙස සදහන් කරයි.කොවිඩ් වෛරස රෝග වසංගතය පාලනය කරගැනීම සඳහා ඉන්දියාව නිපදවූ එන්නත් රටවල් 98කට ලබාදීමට කටයුතු කළ බවද සදහන් කළේය.ඉන්දියාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ද ඒ අනුව මෙලෙස ක්‍රියා කිරීමට හැකියාව ඇති බව ද වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment