රටට අවම ප‍්‍රමිතියක් ඕනෑකර තිබේ – * පෙරඹර

155

ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ වල ප‍්‍රමිතිය නිර්ණය කිරීමට ප‍්‍රමිති ආයතනයක් පිහිටුවා ඇත. පසුගිය දිනකදි එම ප‍්‍රමිති ආයතනයේ ප‍්‍රධානියා ‘‘වස ටිකක් කෑවට කමක් නැහැ” යන ප‍්‍රකාශයක් කරමින් තම නිල වගකීම පැහැර හරිනු දක්නට ලැබුණි. කෘෂි රසායන ද්‍රව්‍ය සම්බන්ධව ක‍්‍රියාවලියේදි කෘෂි විද්‍යඥයන් ‘‘වස නවත්තන්න කලින් කුස පුරවන්න ඕන” වැනි ලාභ ප‍්‍රකාශ ඉදිරිපත් කරනු දක්නට ලැබුණි. එමෙන්ම අධ්‍යාපනයේ නිදහස රැුකීමට නම් ‘‘වෛද්‍යවරුන් වෙන්න කැමති දරුවන් සුදුසුකම් කෙසේ වෙතත් වෛද්‍යවරුන් වීමට අවස්ථා සලසා දිය යුතුයි” යන්න සයිටම්වාදීන්ගේ ප‍්‍රධාන තර්කය විය.

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සයිටම් ආයතනය හා බැඳුණු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ සටනේදී සයිටම් වසා දැමිය යුතු බවත්, වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලත් සයිටම් වංචාවට හසු වූ සිසුන්ට යම් සාධාරණයක් ඉටු කළ යුතු බවටත්, එමෙන්ම වෛද්‍යවරුන්ගෙන් ප‍්‍රතිකාර ලබන මේ රටේ රෝගී ජනතාවට සර්ව සාධාරණය ඉෂ්ට විය යුතු බවටත් තරයේ අවධාරණය කෙරිණි. එහිදී සයිටම් විරෝධී සටනේ එක්ව සිටි සියලූ බලවේග වෛද්‍ය අධ්‍යාපනයට අවම ප‍්‍රමිතියක් නීතිගත කිරීම මඟින් රෝගී ජනතාවගේ ප‍්‍රමිතිගත සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමේ සහ ජීවත්වීමේ අයිතිය, සුරක්ෂිත කළ යුතු බවට අවබෝධාත්මක එකඟතාවකට පැමිණීමට හැකි විය.

 එබැවින් එම අරගලය තුළ වංචනික ආයතනයක් වසා දැමීමෙන් පමණක් නොනැවතී, රටේ ජනතාවට උපරිම සාධාරණය ඉෂ්ඨ කිරීමට අපට හැකියාව ලැබුණි. සයිටම් සටනේ සිටි බොහෝමයක් පිරිස් සයිටම් වසා දැමීමේ  ගැසට්ටුව නිකුත් කිරීමෙන් පසු සටන අවසන් කළද අප සංගමය වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය ආණ්ඩු පෙරළියකින් පසු පවා කරන ලද අනවරත අරගලයකින් ජයග‍්‍රහණය කරවා ගැනීමට 2021 වර්ෂයේදී හැකියාව ලැබුණි.

 ශ‍්‍රී ලංකවේ වෛද්‍ය අධ්‍යාපනයේ සහ වෛද්‍යවරුන්ගේ අවම ප‍්‍රමිතිය ප‍්‍රකාශයට පත් කිරීමේ හා පවත්වාගෙන යෑමේ ප‍්‍රධාන අරමුණින් පිහිටුවන ලද වෛද්‍ය සභාව එය පිහිටුවා වසර 100 කට ආසන්න කාලයක් ගතව තිබුණද නීතියක් ලෙස වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය ගැසට් කිරීමට අපොහොසත් වී තිබුණි. මීට පෙරද අවස්ථා ගණනාවක ඒ සඳහා විවිධ උත්සාහයන් දරා තිබුණද ඒ සියල්ලම දේශපාලනික හා ව්‍යාපාරික ඕනෑ එපාකම් මත අතහැර දමා තිබුණි. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටන ජයග‍්‍රහණයෙන් කෙලවර වුවද, එම ජයග‍්‍රහණය පූර්ණ ජයග‍්‍රහණයක් බවට පත් වීම සඳහා කළ යුතුව තිබූ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය එවකට නීතිගත කරේ නම් සයිටම් වැනි වංචනික ආයතන බිහි වීමේ අවස්ථාව උදා නොවීමට ඉඩ තිබුණි. එසේ නොකිරීමේ අඩුපාඩුව තේරුම් ගත් අප සයිටම් ආයතනය වසා දැමීමෙන් පමණක් නොනැවතී අනාගතයේදි එවැනි ආයතන බිහි වීම පවා, අවම ප‍්‍රමිතිය ගැසට් කිරීම හරහා නවතා දමා ඇත. එනම් වෛද්‍ය අධ්‍යාපනය රැුක ගැනීමත්, වෛද්‍ය වෘත්තීය රැකගැනීමත්, සමස්ත ජනතාව රැක ගැනීමත් යන අවස්ථා 3 ම ජයග‍්‍රහණයෙන් කෙලවර කර ඇත. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය තීරණය කිරීමේදී ඊට ඇතුල් කර ගන්නා වෛද්‍ය සිසුන් අවම සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය. තවද, එම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෛද්‍ය විද්‍යාලයක අවම ප‍්‍රමිතිය පවත්වාගත හැකි මට්ටමේ සුදුසුකම් වලින් සමන්විත විය යුතු අතර ඒ සඳහා අවශ්‍ය කරන ප‍්‍රමාණයන්ගෙන් වෛද්‍ය පීඨය තුළ සේවය කළ යුතුයි. එම ශිෂ්‍යයන්ට පරිශීලනය කිරීම සඳහා තිබෙන දේශන ශාලා, විද්‍යාගාර, පුස්තකාල පහසුකම් මෙන්ම නේවාසිකාගාර පහසුකම් පවා අදාළ අවම ප‍්‍රමිතිය ගැසට් පත‍්‍රය තුළ අඩංගු කර ඇත.

 වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන කාල සීමාව තුළ ඒ ඒ විෂයට අදාළව දේශනා ලබා දෙන පැය ගණන, සායනික පුහුණු පැය ගණන මෙන්ම දේශන, කණ්ඩායම් ඇගයීම යන මේ සියල්ල සම්බන්ධව සවිස්තරාත්මකව අවම ප‍්‍රමිතිය එමඟින් ප‍්‍රකාශයට පත් කර ඇත. සායනික පුහුණුව ලබා දෙන රෝහල් වල තිබිය යුතු ඇඳන් ප‍්‍රමාණය, ශිෂ්‍යයෙකු හා රෝගීන් අතර අනුපාතය, ඇඳන් රෝගීන්ගෙන් පිරී තිබිය යුතු ප‍්‍රතිශතය මෙන්ම රෝහල් කාර්යමණ්ඩලය හා එහි තිබෙන සායන, විශේෂඥතා, උප විශේෂඥතා වැනි ප‍්‍රායෝගික ප‍්‍රඥාවට අවශ්‍ය කරන සියලූ නිර්ණායක මෙහි ඇතුළත්ව ඇත. මේ සියලූ කාරණා මඟින් හුදෙක් ආශාව ඇති ශිෂ්‍යයින්ට වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව ලබා දීම වෙනුවට කැමැත්ත මෙන්ම අවම සුදුසුකම් ඇති ශිෂ්‍යයන්ට වෛද්‍යවරයෙකු වීමේ අවස්ථාව සලසා දෙමින් අවසානයේ ඉන් බිහි වන වෛද්‍යවරුන් රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන සෞඛ්‍ය සම්පන්න රටක් බිහි කිරීම සඳහා වගකීමක් දැරිය හැකි පිරිසක් බවට පත් කර ගත හැකි වනු ඇත. ඒ අනුව වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය ගැසට් කර ගැනීමේ වැඩිම ප‍්‍රතිලාභය රටේ ජනතාව ලබා ගනු ඇත.

 ශ‍්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතිය ගැසට් කිරීම හරහා, අවම ප‍්‍රමිතිය රහිත විදෙස් වෛද්‍ය විද්‍යාලවල ඉගෙනුම ලබා වෛද්‍යවරුන් ලෙස ලංකාවට පැමිණෙන පිරිස් නතර කිරීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම සුදුසුකම් සහිත ශිෂ්‍යයන් අන්තර්ජාතිකව ප‍්‍රමිතිය පිළිගත් විදෙස් වෛද්‍ය විද්‍යාලවලට පමණක් යෑමට අවස්ථාව ලැබී ඇත. එමඟින් ශ‍්‍රී ලංකාවට පැමිණෙන සියලූම වෛද්‍යවරුන්ගේ ප‍්‍රමිතිය තහවුරු කිරීමට අපට හැකි වී ඇත. ඉන් රෝගී ජීවිත සුරක්ෂිත වී ඇත.

 මෙම අවම ප‍්‍රමිතිය ගැසට් කිරීමෙන් පසු දේශීය වෛද්‍ය විද්‍යාල වලද ප‍්‍රමිතිය තහවුරු කෙරෙනු ඇත. එහිදී රටේ සියලූම ජනතාවට තමන් ප‍්‍රතිකාර ලබා ගන්නා වෛද්‍යවරයා දේශීය හෝ විදේශීය වෛද්‍ය උපාධිදාරියෙකුද යන්න තමාගේ ජීවිතය සුරක්ෂිත කර ගැනීමට බාධාවක් නොවනු ඇත.

 මේ වන විට වයඹ වෛද්‍ය පීඨයේ අවම ප‍්‍රමිතිය පවත්වාගෙන යෑම පිළිබඳ අර්බුදයකට ලක්ව ඇත. එහි සම්පූර්ණ වගකීම වයඹ වෛද්‍ය පීඨය පිහිටුවීමේදී ශක්‍යතා අධ්‍යයනයක් තුළ ගත් තීරණ වෙනුවට තමන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා තීරණ ගත් තක්කඩි දේශපාලනඥයන් විසින් භාර ගත යුතුව ඇත. ප‍්‍රමාද වී හෝ අදාළ වෛද්‍ය පීඨය සම්බන්ධව විද්‍යාත්මක තීන්දු ගැනීම තුළ පමණක් අවම ප‍්‍රමිතිය තහවුරු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

 අපගේ නායකත්වයෙන් යුතු සයිටම් විරෝධී අරගලය හරහා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ ආකාරය මින් මනාව පැහැදිලි වේ. එම අරගලය හරහා ජනතාව දිනවීමට අපට හැකියාව ලැබුණි. වෛද්‍යවරුන්ගේ ප‍්‍රමිතිය තහවුරු කිරීමට අපට හැකියාව ලැබුණද අනිකුත් සෞඛ්‍ය කාණ්ඩ වල මෙන්ම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අවම ප‍්‍රමිතියක් නීතිගත කිරීමට අවස්ථාව නොලැබී තිබීම තීරණාත්මක තත්ත්වයකි. එපමණක් නොව රටේ ජනතාවට ලබා දෙන ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වල ප‍්‍රමිතිය සුරක්ෂිත කිරීමට අපොහොසත් වී ඇති බව ප‍්‍රමිති ආයතනයේ ප‍්‍රධානියාගේ වචනයෙන්ම තහවුරු වී ඇත. එය තහුවරු කරන තවත් අවස්ථාවක් නම් ඉන්ධන හා ගෑස් පිළිබඳව රට පුරා ඇති වී ඇති කථාබහෙන් පැහැදිලි වේ.

 කාරණා සියල්ලම මෙසේ තිබියදි රට පාලනය කරනා දේශපාලනඥයන්ගේ අවම ප‍්‍රමිතියක් දක්නට නැත. උත්තරීතර යැයි සැලකෙන පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ආකාරයත්, කැබිනට් අමාත්‍යවරයාගේ සිට පාර්ලිමේන්තුවේ අමාත්‍යවරුන්, මන්ත‍්‍රීවරුන්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් දක්වා අවම ප‍්‍රමිතියක් නොමැති බව ඔවුන්ගේ හැසිරීම තුළ තහවුරු කරමින් ඇත. එවැනි පිරිසක් හරහා පත්වීම් ලබන සංස්ථා හා මණ්ඩල සභාපතිවරු මෙන්ම ආයතන ප‍්‍රධානීන්ගේ ප‍්‍රමිතිය ආන්දෝලනාත්මකය. එබැවින් රටේ වෛද්‍යවරුන්ට අවම ප‍්‍රමිතියක් නීතිගත කිරීම හරහා රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කළ අප මෙම සියලූම පන්නයේ දේශපාලනඥයන්ගේ අවම ප‍්‍රමිතියත් නීති ගත කරවීම සඳහා මැදිහත් විය යුතුව ඇත. මෙම සියලූම දේශපාලනික පත්වීම් වල අවම ප‍්‍රමිතියක් නීති ගත කළ යුතුව ඇත. එසේ කිරීම හරහා රට සංවර්ධනයේ දිශානතියට යොමු කළ හැක. තවද, සියලූම රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ වෘත්තීන්ගේ අවම ප‍්‍රමිතිය තහවුරු කිරීම තුළින් රට ජාත්‍යන්තරය තුළ ඉහළ ඇගයීමක් දක්වා ගෙන යා හැක.

 ඒ සඳහා අප සියලූ දෙනා ඒකාවන්ව හ`ඩ නැඟිය යුතු මොහොත එළඹ ඇත.

 එකමුතුව ප‍්‍රමිතිගත රටක් හදමු.

රටට අවම ප‍්‍රමිතියක් ඕනෑකර තිබේ - * පෙරඹර


වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment