කන්ද උඩරට කිතුල් පැණි සහ හකුරු අපනයන නිෂ්පාදන බවට පත්කරගෙන රටට අවශ්‍ය ඩොලර් එමගින් උපයාගත හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා එම නිෂ්පාදකයන් සමග කළ හමුවකදී පෙන්වා දුනි.
කුඩා කර්මාන්තයක් ලෙස නිෂ්පාදනය කරන ලද කිතුල් පැණි හකුරු නිපදවන්නන් සමග සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පැවසුවේ, රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට පැණි හකුරු සහ තවත් නිෂ්පාදන තිබේනම් එයද සූදානම් කිරීමට මෙම කර්මාන්තයේ නියුක්තිකයන් පෙරමුණ ගත යුතු බවයි. කිතුල් පැණි හකුරු නිෂ්පාදකයන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි විය. මහනුවර ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේදී සාකච්ඡාව පැවැත්විණ. එම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මන්ජුලා මඩහපොල, පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, කර්මාන්ත අධ්යක්ෂ උදාර කොන්සිවත්ත යන මහත්වරු සහ ග්‍රේන් ග්ලෝබල් ආයතනයේ නියෝජිත පිරිසක්ද මීට එක්ව සිටියහ.
සිරිල් විමලසුරේන්ද්‍ර