රටට එරෙහි බලවේගවලට ජීවිතය පරදුවට තබා කටයුතු කළ සිය දේශපේ‍්‍රමී ඩග්ලස් වික‍්‍රමරත්න සිය දිවි සැරිය නිමකරයි

517

එක්සත් රාජධානියේ සිට රටට එරෙහි බලවේගයන්ට දශක ගණනාවක් තිස්සේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශපේ‍්‍රමියකු වූ ඩග්ලස් වික‍්‍රමරත්න මහතා සිය මෙහෙය අවසන් කොට දෙසැම්බර් 1 වැනිදා සවස් භාගයෙහිදී සිය දිවි සැරිය අවසන් කළේය.

හතළිස් වසරකට අධික කාලයක් මව්බිමේ අඛණ්ඩතාවය ගැන සටන් කළ ඩග්ලස් වික‍්‍රමරත්න මහතා අපේ ත‍්‍රිවිධ හමුදාව මව් රටෙහි කළ සටනට සමගාමීව ජාත්‍යන්තර ප‍්‍රජාව සමග අපේ රටේ කීර්තිනාමය රැුක ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශපේ‍්‍රමියකු විය.

1938 අපේ‍්‍රල් මස 9 වැනිදා කොළඹදී උපත ලද වික‍්‍රමරත්න මහතා මියයනවිට 83 වන වියෙහි පසු විය. ඔහු නිවසේ හදිසියේ ඇදවැටීමෙන් රෝගාතුරවී දැනට සතියකට පෙර උතුරු මිඞ්ල්සෙක්ස් රෝහලෙහිදී ප‍්‍රතිකාර ලැබූ අතර එහිදී ශල්‍ය කර්මයකට ද භාජනය කර තිබුණි. ඉන් අනතුරුව ඔහු මියගොස් තිබුණේ දෙසැම්බර් 1 වැනිදා සවස් භාගයෙහිදීය. කුසුම් වික‍්‍රමරත්න මහත්මිය ඔහුගේ විවාහක බිරිඳ වන අතර ඔහු දෙදරු පියෙකු වේ. වැඩිමහලූ පුත් රුවන් (නවසීලන්තය) වන අතර දියණිය මනිෂා ලන්ඩනයේ ද වාසය කරයි.

ආදි ආනන්දියකු වූ වික‍්‍රමරත්න මහතා කුඩා කල සිටම විවිධ හපන්කම් පෑ සිසුවකු විය. ඔහු එහි සිංහල හා ඉංග‍්‍රීසි විවාද කණ්ඩායම්වල නායකත්වය ඉසුලූ අතර ක‍්‍රිකට් කණ්ඩායමේ ද දස්කම් පා සිසුවකු විය. වසර ගණනාවක් සිය උපන් ගමවූ දෙහිවල ක‍්‍රිකට් කණ්ඩායම පමණ නියෝජනය කළ ඔහු එය ආරම්භ කළ බව සඳහන් කර තිබුණි. ඔහු වසර 10 එහි නායකයා ද විය.

ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා 1960 ගණන්වල මුල් භාගයේදී එක්සත් රාජධානියට පැමිණි අතර ඔහු ලොයිඞ් බැංකුවේ වසර 20 පමණ කාලයක් සේවයේ නිරත වූයේය. ඔහු එහි කළමනාකරුවකු ලෙසද කටයුතු කළේය. පසුව ඉතිරි කිරීමේ බැංකුවකට ද සම්බන්ධ වී තිබුණි. කලක් ඔහු ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයේද ස්වෙච්ඡුා සේවයෙහි ද නිරත විය. ඔහු කුඩා කල සිටම ක‍්‍රිකට් ක‍්‍රීඩා ලෝලියකු වූ නිසා ආයතන දෙකේදීම, ඔහු ක‍්‍රිකට්වලට යෙදීම දිගටම කරගෙන ගිය අතර කලක් එහි නායකයා ලෙස කටයුතු කළේය. මෙය එකල මෙහි සුදු ජාතික කණ්ඩායමක ප‍්‍රධානියා වීමේ තරම් ඔහු දක්ෂකම්වලින් හෙබි අයකු විය. බටහිර ඉන්දීය වොන්ඩරර්ස් සීසී කණ්ඩායමට ක‍්‍රීඩා කිරීම ගාෆීල්ඞ් සෝබර්ස්, කොන්රඞ් හන්ට් සහ බටහිර ඉන්දීය ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් රැසක් වොන්ඩරර්ස් කණ්ඩායමට ක‍්‍රීඩා කර ඇති බව ඔහු විසින් වරක් ප‍්‍රකාශ තිබුණි.

එක්සත් රාජධානියේ සිංහල සංගමය 70 දශකයේ පිහිටුවාගෙන තිබූ අතර එමගින් සිංහල ප‍්‍රජාවගේ සංස්කෘතික උළෙල පවත්වමින් මහත් සේවාවක් ඉටු කරමින් පැවති සංගමයක් විය. එහි කලක් සභාපති ඩග්ලස් වික‍්‍රමරත්න මහතා වූ අතර මේ මගින් වාර්ෂිකව සිංහල අවුරුදු උත්සවය, සිංහල සංගීත උළෙල හා චිත‍්‍රපට පෙන්වීම යනාදී කාර්යයන් රැුසක් වාර්ෂිකව පැවැත්වීම මෙමගින් සිදු කරනු ලැබුණි. මෙම ප‍්‍රසංගවලට සහභාගි වූවන් අතර අමරදේව, නන්දා මාලිනී, සිසිර සහ ඉන්ද්‍රානි, එච්.ආර්. ජෝතිපාල, ලතා වල්පොල, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ටී.එම්. ජයරත්න, එම්.එස්. ප‍්‍රනාන්දු, මාලිනී බුලත්සිංහල, ක්ලැරන්ස් විජේවර්ධන සහ මරියසෙල්, ඇන්ජලින් ගුණතිලක සහ ස්ටැන්ලි පීරිස්, විජේරත්න රණතුංග, රෝහණ වීරසිංහ වැනි සංගීතඥයන් වේ. 1983 ඇතිවූ කළු ජුලියත් සමග ඇරඹුණු අර්බුදයත් සමග මේ සංගමයට මෙහිදී ඒ සඳහා මැදිහත්වී කටයුතු කරන්නටද, ඒවා මෙහෙයවීම ද, සිංහල සංගමයට පැවරුණි.

ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙනගිය මඩ ප‍්‍රචාර හා රජය විසින් මානව හිමිකම් කඩ කළේය යන චෝදනාවලට පිළිතුරු සපයමින් ජාත්‍යන්තර ප‍්‍රජාව දැනුවත් කිරීමේ මහඟු සේවාවක් ඉටු කළ ඔහු සිය ධනය ශ‍්‍රමය වැය කරමින් මෙරට පාර්ලිමේන්තුවේ ද මුළු ලන්ඩනයේ ද හැම නගරයකම පාහේ පැවති වාද විවාද සංගම්වලට සහභාගී වූවේය. යුරෝපයේ ප‍්‍රංශය, ජර්මනිය, ප‍්‍රංශය, ස්වීඩනය, බෙල්ජියම, ඉතාලිය, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල එල්ටීටීඊ ක‍්‍රියාකාරීන් සමඟ වාද විවාදවලට ද සහභාගි වූයේය. ඉන් නොනැවතී ටොරොන්ටෝ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරාධනයෙන් කළ සංචාර විශාල ගණනකට ද සහභාගී වූවේය.

අවසානයේ ඔහු ගේ මැදිහත්වීම නිසා ශ‍්‍රී ලංකා සංගම්වල එකතුවකින් ලෝක සම්මේලනය පිහිටුවා ගත්තේය. මේ සංගම්වල සහභාගිත්වයෙන් 1985 දී, එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව සහ ප‍්‍රංශය යන රටවල නියෝජිතයින් සහභාගී වූ සම්මේලනයේ දෙවන සම්මේලනය ලන්ඩන් හිල්ටන් හිදී පවත්වන්නට ද ඔහු මුල් වූයේය. ඒ සඳහා අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි, අනුර බණ්ඩාරනායක තවත් ශ‍්‍රී ලංකාවට පක්ෂ විවිධ ජාතීන්ගේ නියෝජිතයන් ද සහභාගී කර ගන්නට වික‍්‍රමරත්න මහතා කටයුතු කර තිබුණි.

ඩග්ලස් වික‍්‍රමරත්නයන් ගේ නම බීබීසී, සී.එන්.එන්, අල්ජසීරා ඇතුළු රූපවාහිනී නාළිකාවල මෙන්ම, ලොව විශේෂයන් බටහිර රටවල ගුවන් විදුලි නාළිකාවල විවාදවල මෙන්ම පුවත් සාකච්ඡුාවලදී මෙරට සහභාගි කරගත් ප‍්‍රධානතම තැනැත්තා බවට ඔහු පසු ගිය වසර 40 පමණ කාලයක කටයුතු කර ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. ඔහුගේ ඉංග‍්‍රීසි බස හැසිරුවේ මෙහි උපන් සුද්දෙකුට නොදෙවෙනි අයුරිනි. ඔහු ගේ බස ඉතා පැහැදිලි එකක් විය. කරුණු එකකින් එක ගෙන හැර දැක්වූයේ ඔහුට විරුද්ධවාදීන්ගේ තර්ක එකින් එක බිඳ හළමින් සත්‍ය කරුණු මුළු මහත් ලොවටම ගෙනහැර දක්නා අයුරින් වීම එහි තිබූ විශේෂත්වයක් විය. අසරණ වූ ඇතැම් ප‍්‍රතිවාදීන් වරෙක ඔහුගෙන් එසේ නොකරන ලෙසද ඉල්ලා තිබූ බව ඔහු විසින් මා සමග පවසා ඇත.

ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහයෝගය දිනාගැනීම සඳහා කොටි සංවිධානය විසින් ප‍්‍රචාරය කරන ලද අමූලික අසත්‍ය ප‍්‍රචාර හෙළිකිරීම නිසා තර්ජනයකට ලක්ව ස්කොට්ලන්ඞ්යාඞ්හි ආරක්ෂාව ලබා දීමට සිදු වූ කාලයක් ඔහුට තිබුණි. එවකට සිටි ප‍්‍රබල එල්ටීටීඊ හිතවාදීනට සිටි ප‍්‍රබල විරුද්ධවාදියා වූයේ ඔහුය. ඔවුන්ගේ විරෝධතා නොතකා, ඔහු, ත‍්‍රස්තවාදීන්ගේ කුරිරුකම් හෙළිදරව් කිරීමටත්, සිදුකළ කුරිරු ත‍්‍රස්තවාදී ව්‍යාපාරය ලොවට හෙළි කිරීමටත් හැමවිටම උත්සුක විය. මේ තත්ත්වය පසුකාලීන චැනල 4 මගින් ගෙනගිය වාර්තා චිත‍්‍රපටිවලදී මහත්සේ ඉස්මතුවී පෙනුනි. කොටි විසින් රජයට එරෙහිව එල්ල වූ දෙමළ ඩයස්පෝරාවේ කළ යුද අපරාධ හමුවේ ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගී වීමට ඔහු ජිනීවා බලා ගිය අවස්ථා රැුසක් විය. ලන්ඩනයේ සිට මෙහි සිංහල සංගමයේ හා දේශපේ‍්‍රමී සියලූ කොටස් ඒකරාශී කර ගනිමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ගොස් සිංහලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට සහ සටන් කිරීම වික‍්‍රමරත්න අත්හැර දැමුවේ ඔහු අසනීප වූ බැවිනි. ඔහු ගේ මේ සේවාව සදා අනුස්මරණීය එකක් බව කිව යුතුය.

ඔහු අපෙන් වියෝ වුණ ද අපි සදා ඔහුගේ ඒ අමිල සේවය මෙරට වෙසෙන මෙන්ම ලොව පුරා අපේ රටේ ජාතිමාමක දේශපේ‍්‍රමී ජනතාව සදා සමරනු ඇත. ඩග්ලස් වික‍්‍රමරත්න මහතාණෙනි, ඔබට අපේ ආචාරය. ඔබට අමා මහ නිවන් සුව ලැබේවා.!!!

නීතිඥ ශාන්ත සේනාධීර

advertistmentadvertistment
advertistmentadvertistment