රටට ගෑස් ගන්න විට 10 දෙනෙකුට කොමිස්?

1109

මෙරට ජනතාවට අඩු මිලකට ගෑස් ලබාදීමට නොහැකි වී ඇත්තේ ගෑස් මිලට ගැනීමේදී අතරමැදියන් 10 දෙනකුට කොමිස් ලබාදීමට සිදුවීම නිසා යැයි අනාවරණය වී ඇත.

රුසියාව ඉතා අඩු මුදලකට ඉන්දියාවට ගෑස් අලෙවි කරන අතර වත්මන් රජය බලයට පත්වූ දින සිටම රුසියාවෙන් අඩු මිලට ගෑස් ලබාගෙන නැත.

යුක්රේන යුද්ධය ආරම්භ වීමට පෙර රුසියාවේ ගෑස් ප්‍රොම් සමාගමින් ගෑස් මිලට ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව තිබුණත් අතරමැදියන් හරහා වැඩි මිලකට ගෑස් මිලට ගෙන තිබේ.

ලිටෝ සමාගමේ සේවය කළ දේශපාලන ආධාරකරුවකු ගෑස් මිලට ගැනීමේ ගනුදෙනුවෙන් සුපිරි කෝටිපතියකු වී ඇතැයි ද ඔහු සතු වත්කම් ස්විස් බැංකුවක ඇතැයි ද වාර්තා වේ.

ආසියාවේ අධික මිලකට ගෑස් අලෙවි කරන්නේ ශ්‍රී ලංකාවේ බව අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment