රටට ඩොලර් ගේන්න පුළුවන් ජාත්‍යන්තර සබඳතා ඇති රනිල්ට පමණයි – රුවන් විජයවර්ධන

91

රටේ පවතින ඩොලර් අර්බුදය විසඳන්න නම් රටට ඩොලර් ගේන්න පුළුවන්, ජාත්‍යන්තර සබඳතා තිබෙන එකම දේශපාලන නායකයා එජාප නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පමණක් යැයි එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

2001 සෘණ ආර්ථිකයක් වූ රට භාරගෙන එය ධන ආර්ථිකයක් බවට පත් කළේ ද රනිල් වික‍්‍රමසිංහ මහතා බව හෙතෙම පැවසීය. රුවන් විජයවර්ධන මහතා එසේ පැවසුවේ පසුගිය 27දා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී තරුණ කි‍්‍රයාකාරී හමුවකට එක්වෙමිනි. ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග බඩු මිල අහස උසට ගොස් තිබෙන අවස්ථාවේ බස් ගාස්තුද වැඩි කිරීමෙන් ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාටත් එහා ගිය පීඩාවකට ජනතාව පත්වෙනවා. මේ ආණ්ඩුව ගෙනියන්නේ එදා වේල ආර්ථික ප‍්‍රතිපත්තියක්. ඒකෙන් දිනෙන් දිනම ජනතාව පීඩාවට පත්වීමයි සිදුවෙන්නේ.

බඩු මිල නූල කැඩුණු සරුංගලයක් වගේ වෙළෙන්දන්ට ඕනෑ ඕනෑ විදියට පාවෙලා යනවා. ඩොලර් නැති නිසා වරායේ අත්‍යවශ්‍ය කන්ටේනර් 1000ක් විතර හිරවෙලා. වෙළෙඳ ඇමැතිතුමා බැංකුවලට ඩොලර් දෙන්න කියනවා. මහ බැංකුව තවම ඩොලර් දෙන්න බැහැ කියනවා. මේ භාණ්ඩ මාස ගාණක් වරායේ රැුඳී තිබෙනවා. නිදහස් කරගන්න විට ජනතාවට පරිභෝජනය කරන තත්ත්වයේ තිබේද කියා බලන්නත් වෙයි. ආණ්ඩුව කිරිපිටි ගෑස් ඇතුළු පෝලිම් යුගයක් ඇති කරලා.

2015 එක්සත් ජාතික පක්‍ෂය ආණ්ඩුව භාරගන්න කොට පෙට‍්‍රල් ලීටරය 162යි. අපි ඒක 117ට අඩු කළා. රුපියල් 121ට තිබුණු ඞීසල් ලීටරය රුපියල් 92ට අඩු කළා. අපි ආණ්ඩුව භාරදෙන විට පෙට‍්‍රල් ලීටරය 132යි. දැන් 177යි. අපි ගෙනාපු මිල සූත‍්‍රය හොඳයි කියලා ආණ්ඩුවේ ඇමැතිවරුම කියනවා. අපි කිව්වා මිල සූත‍්‍රය තිබුණා නම් පෙට‍්‍රල් ලීටරය 130ත් 140ත් අතර ගණනකට දෙන්න තිබුණා. මේ අය මිල ස්ථායි අරමුදලක් හදනවා කිව්වා. අපි අහනවා කෝ අරමුදල කියලා.

අපි හැමදාම කිව්වේ මේ ඩොලර් අර්බුදයෙන් මිදෙන්න ජාත්‍යන්තර අරමුදලට යන්න කියලා. හැබැයි එහෙන් ගන්න මුදල්වලින් කොමිස් ගහන්න, හොරකම් කරන්න බැහැ. ඒ නිසා මේ අය උත්සහ කරන්නෙම වෙනත් රටකින් ණය ගන්නයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment